ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් හයක්

ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් හයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අද (20) අත්සන් තැබුණි.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට අග්‍රාමාත්‍ය ශේයික් හසීනා මහත්මිය ඉදිරියේය.

ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්විමට අග්‍රාමාත්‍යවරුන් අතර ප්‍රථම හමුව පැවැත්වුණේ ඩකා අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.

මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ මෙහිදී මහින්ද රාජපක්ෂ  විසින් බංග්ලාදේශ අගමැතිනියට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කළ බවය.

එහිදී ආර්ථික, ආයෝජන, වෙළෙඳ, තාක්ෂණ, කෘෂි සහ ධීවර කර්මාන්තය හා දේශපාලන සබඳතා ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

බංග්ලාදේශ අගමැතිනිය මෙහිදී පවසා ඇත්තේ, සාක් සංවිධානයේ කොවිඩ්-19 හදිසි අරමුදල යටතේ වසංගතය පාලනය කිරීමට අදාළ වෛද්‍ය උපකරණ තොගයක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන බංග්ලාදේශ වි ප්‍රභේද ලබාදීමටත් මිරිදිය කර්මාන්තය දියුණු කිරීම සඳහා සහයෝගය ලබාදීමටත් එකඟත්වය පළකර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සහ මිනිස් ජාවාරම මැඩලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද දෙරට එකඟතාවක් ඇතිකරගත් බවය.

දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා සඳහා 2022දී වසර 50ක් සම්පූර්ණ වීම හා ඒ ඔස්සේ පුළුල් දේශපාලන සබඳතාවක් ශක්තිමත් කරගැනීම පිළිබඳවත් මෙහිදී අදහස් හුවමාරු වි තිබේ.

ද්විපාර්ශවීය සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 06කට අත්සන් තැබීම සිදුවුණි.

ඒ තරුණ කටයුතු සංවර්ධනය ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික පරියේෂණ, වෘත්තීය දැනුම හුවමාරු කරගැනීම, සෞඛ්‍ය හෙද කාර්ය මණ්ඩල පුහුණුකිරීම, අන්තර්ජාතික සහයෝගිතා අධ්‍යයනය සහ 2021 සිට 2025 දක්වා අන්තර් හුවමාරු සංස්කෘතික වැඩසටහන් සඳහාය.

මේ අතර බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මන් මහතාගේ අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  එක්වුණි.

අනතුරුව, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  අතර සාකච්ඡා පැවැත්වුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න