ඉම්රාන් ඛාන්ටත් කොරෝනා: එන්නතත් ලබාගෙන!

ඉම්රාන් ඛාන්ටත් කොරෝනා: එන්නතත් ලබාගෙන!

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ( Imran Khan ) කොරෝනා වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ , අගමැති ඉම්රාන් ඛාන් මීට දින 2 කට පෙර කොරෝනා මර්දන එන්නත ලබාගෙන ඇති පසුබිමකදී ය.

අගමැති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය සේවාවන් පිළිබඳ විශේෂ නිලධාරියා වන Faisal Sultan සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳව සඳහන් කර ඇති බවත් , මේ වනවිට අගමැති ඛාන් සිය නිවසේ නිරෝධානයට ලක් වී ඇති  බවත් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

68 හැවිරිදි ඉම්රාන් ඛාන් මෑතකදී ඉස්ලාමාබාද්හි (Islamabad)පැවති ආරක්ෂක සමුළුවකට සහභාගී වී ඇති බවත් නිතිපතා රැස්වීම් පවත්වා ඇති බවත් වාර්තා වේ.

මුව ආවරණයකින් තොරව එම සමුළුව ආමන්ත්‍රණය කර ඇති අතර , අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (19) දිළිඳු ජනතාව සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා රැස්වීමකට සහභාගී වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට පාකිස්තානයේ දිනපතා කොවිඩ් -19 රෝගීන් වාර්තා වීමේ තියුණු වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තාවේ. 

පාකිස්තානයේ ප්‍රමුඛ පුවත්පතක් වන ඩෝන් වෙබ් අඩවියේ පළ වූ සංඛ්‍යාවන්ට අනුව රට තුළ මේවන විට තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 623,135 කි. මියගිය සංඛ්‍යාව 13,799 ක් ලෙසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න