කායික හා මානසිකව ශක්තිමත් සමාජයක් රට තුළ ගොඩනගනවා -අමාත්‍ය නාමල් රාජපක්ෂ

කායික හා මානසිකව ශක්තිමත් සමාජයක් රට තුළ ගොඩනගනවා -අමාත්‍ය නාමල් රාජපක්ෂ

කායික හා මානසික වශයෙන් ශක්තිමත්, තම වගකීම හඳුනාගත් ජන සමාජයක් රට තුළ ගොඩනැගීම සිය අමාත්‍යංශයේ අරමුණ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද  පෙරවරුවේ පැවසීය.

අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සංකල්පයක් අනුව සෑම පුර පසළොස්වක පොහෝදිනකම පැවැත්වෙන "යොවුන් ශීල සමාධි" වැඩසටහන මැදින් පුර පසළොස්වක පොහෝ අද (28) පෙරවරුවේ ඵෙතිහාසික සේරුවිල මංගල රජමහා විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් පැවැති යොවුන් ශීල සමාධි වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ බව අවධාරණය කළේය.

තරුණ තරුණියන් ශීල සමාධියෙහි පිහිටුවීම හා දාන ශීල භාවනා වැඩටහන්වලට අවතීරණය කරවීමේ අරමුණ ඇතිව සෑම පුර පසළොස්වක පොහෝ දිනකම ශ්‍රී ලංකාවේ සියලුම විහාරස්ථානවල මෙම "යොවුන් ශීල සමාධි" වැඩසටහන ක්‍රියාත්මක වේ. තරුණ තරුණියන් අෂ්ඨාංගික ශිලයේ පිහිටුවීමෙන් ඇරඹි මෙම වැඩසටහනේ යොවුන් ශීල සමාධිය පිළිබඳ ධර්ම සාකච්ඡාව ඉනාමළුව ආරණ්‍ය සේනාසනාධිපති නුගේගොඩ අත්ථදස්සි හිමියන් විසින් මෙහෙයවනු ලැබූහ.

ගල්කන්ද ඵෙතිහාසික බුවනෙක මහා විහාරයේ විහාරාධිපති බලල්ලේ රථනසාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි අවිස්සාවේල්ලේ විජිත ස්වාමීන් වහන්සේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට විහාරස්ථානයේ සංවර්ධන කටයුතු ඇතුළත් සංදේශයක් මෙහි දී භාරදුන්හ. නාමල් රාජපක්ෂ  විසින් එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාලට ගෞරව ප්‍රකාශ සන්නසක් පිරිනැමුවේය.

මෙම අවස්ථාවට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, අමාත්‍යංශ කිහිපයක ජ්‍යෙෂ්ඨ නිලධාරින්, තරුණ තරුණියන් ඇතුළු බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.

"යොවුන් ශීල සමාධි" වැඩසටහන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වය යටතේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවිධානයෙන් ජාතික තරුණ සේවා සභාව,රාජ්‍ය සේවා බෞද්ධ සංගමය, ජාතික වෙළද හා ව්‍යවසායකත්ව සම්මේලනය හා පහන් සිත් පදනමේ බැතිබර දායකත්වයෙන් සීක් ඔෆ් ක්‍රවුන් ජාත්‍යන්තර සංවිධානයේ අනුග්‍රහය ඇතිව සංවිධාන වේ.

WhatsApp Image 2021 03 28 at 10.23.54 AM 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න