ඇට නැතිදිවට බොරුවෙන් පණදෙන වෙළඳ ඇමති බන්දුල !

ඇට නැතිදිවට බොරුවෙන් පණදෙන වෙළඳ ඇමති බන්දුල !

මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එකදහස් නවසීය අසූනවයේ පාර්ලිමේන්තුවට පිවිසෙන දැනට වයස අවුරුදු 68ක් වන වත්මන් වෙළඳ හා පාරිභෝගික කටයුතු ඇමති බන්දුල ගුණවර්ධන දිනෙන් දින ජනතාවට පුවත් මවන හැරුන හැරුන අතට තමන් කී දේ වෙනස් කරන ජනතාවගේ ජීවන බර විහිලුවකට ගෙන ඊටත් එහා යමින් ජනාතාව අන්ඳවමින් ඔදෙකයි පනහේ තත්වයකට පත්ව ඇත…

නැති බැරි ජනතාවගේ කුස ගිණ්දරට ඔච්චම් කරන ඇමති…

 මේවන විට වැඩිම වී අස්වැන්න ලභාගෙන ගබඩා කොට ඇති බවත් කිසිඳු සහල් හිඟයක් නැතැයිද පවසා නැවතත් සහල් ආනයනයට කැස කවන අතර තුරේ පසුගිය දිනක ඇමති බන්දුල මාධ්‍යවේදීන් සමගද ආරෝවක පැටලුනේ ඔහුගේ ජනතාවාදී,මානුෂීය නොවන ප්‍රකාශ නිසාවෙනි….

රුපියල් 2500න් හතර දෙනෙකුගෙන් යුත් පවුකකට කා බී සතුටින් ජීවත්විය හැකි බවට ප්‍රකාශ කළ ඇමති බන්දුල කාළය ගතවීමත් සමග කියා සිටියේ විශ්ව විද්‍යාල සිසුනට 2500න් ජීවත් වීමට හැකියැයි තමා පැවසූ බවයි..            

එමෙන්ම ආසන්නතම සිදුවීම තුළ ආනයනික, පිළිකාකාරක ඉතා විශාල වශයෙන් අඩංගු භාවිතයට නුසුදුසු පොල්තෙල් ආනයනය කොට ඒවා වෙළඳ පොලටද නිකුත්කර ජන ජීවිත අණතුරේ හෙලූ ඇමති බන්දුලලා අවසානයේ පවසන්නේ කිසිඳු පාරිභෝගිකයකුගෙන් පොල්තෙල් වල පිළිකාකාරක ඇතැයි පැමිණිල්ලක් මෙතෙක් වාර්ථා වී නොමැති බවයි.          

එමෙන්ම ජනතාවට පොල්තෙල් භාවිතා කළ නොහැකි නම් සෝයා තෙල් භාවිතා කළ හැකියැයි පවසන ඇමති බන්දුලලා පාස්කු ප්‍රහාරය මෙන් දසදහස් ගුණයක බරපතල පිළිකාකාරක බෝම්බයක් ජනතාවගේ හිසමතට අතහැර ඔච්චම් කර සිටින්නේ මාරි ඇන්ටොරී පාන් කන්න බැරි නම් කේක් කන්න යැයි පැවසීමේ අනිත් එකය… එක හුස්මට සිදුවන ගජමිතුරු මංකොල්ලයන් සාධාරණීකරනය කරමින් සීනි,පොල්තෙල් බදු වංචා නොදැක්කා සේ සිටිමින් රටේ බදුගෙවන මහජනතාවට කෝචොක් කරමින් සිටීම කෙතරම් නින්දා සහගතද?

ජනතව සිහියෙන් බුද්ධියෙන් වටහාගත යුතු වෙ: ඇමති බන්දුල කවරෙක්ද?          

දශක තුනකට අධික කාළයක් වෘත්තීය දේශපාලනයේ නිරත බන්දුල ගුණවර්ධන මහජන  එක්සත් පෙරමුණනෙන් දේශපාලනයට අවතීර්ණව ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්දානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආදී පක්ෂ රාශියකට ( 2001 - 2004, 2001-2007, 2007-2010 ) විටින් විට පිල් මාරුකළ දේශපාලකයකු ලෙස එකී පිල්මාරුවේදී ප්‍රතිවාදියා විවේචනය කිරීමද එසේ විවේචනය කළ ඔහුගේම මුඛයෙන් ඔවුන් වර්ණනා කිරීමටද සිදු වීම දෛවයේ සරදමක සේයාද මවනු ඇත.          

 දේශපානය තුල වසර ගණනාවක අත්දැකීම් ඔහු ජනතාව රැවටීමට භාවිතා කරන ආකාරය ඉතා ලජ්ජාශීලීය, මන්දයත් බදු ගෙවන අහිංසක මහජනතාව තමන්ගේ, දේශපාලන බලය තහවුරුව පිණිසම රැවටීමට කිසිඳු විළිසංගයක් නොමැතිව ක්‍රියා කරන ආකාරය නිසාවෙනි..

@ විටක ඔහු හිටපු ජනපති,කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සතුව අමෙරිකානු ඩොලර් බිලියන 18ක් ඇතිබව පවසයි. වගකිවයුතු ප්‍රබල පාර්ලිමේන්තු මංත්‍රීවරයකු, ඇමතිවරයකු ලෙස ඔහු ඒ සඳහන් කරනුයේ ජනතා බදු මුදල් කොල්ල කා ඇති ආකාරයයි..එසේනම් ඒ ගැන කිසිඳු පරීක්ෂණයක් සිදු නොකරන්නේ මන්ද? @ තවද ආසන්නතම සිදුවීම ලෙස ලෝක වෙලඳ පොලේ බඩු මිල රොකට්ටුවක් වගේ ඉහල යන බවත් ප්‍රංශය, ජර්මනිය හා ඉතාලියේ ආර්ථිකය කඩා වැටී එරට නායකයන් කරකියා ගන්නට දෙයක් නැතුව සිටින බවත්, ඒ තත්වය තුළ ජනතාව මැරි මැරී වැටෙන බවත්ය, සැබවින්ම බන්දුල ගුණවර්ධනලා වැනි දේශපාලකයන් නොමැතිවීම තුළ ප්‍රංශය,ජර්මනිය හා ඉතාලිය පමණක් නොව යුරෝපයේ කිසිඳු රටකට ආර්ථික අහේනියක් නැත, දෛනික පරිභෝජන භාණ්ඩ වල මිල ඉහළ යාමක්ද සිදුවී නැත, උද්ගත වසංගත තත්වය තුළ නිරෝධායන නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී අවධානමට ලක්වන ජනතාවගේ රැකියා සුරක්ෂිත කිරීම පිණිස නව නීති අණපනත් ක්‍රියාත්මක කොට නිවෙස් වල රැඳීසිටින ජනතාවට තම වැටුපෙන් 80%ක් ගෙවමින් එරට පාලකයෝ ජනතාව ආරක්ෂා කරති..                      

බොහෝ රටවල් ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනා සම්මතයට පක්ෂ වන්නේද මෙවන් වගකීම් විරහිත එදාවේල ටුවර්ස් ගජබින්නා සමාජගත කිරීම නිසාවෙනි.        

 අපි ආපසු රුපියලට අපමන අගයක් දෙමින් පාවෙන රුපියල ස්ථාවර කරමින් ඩොලරය මට්ටු කරන්න ආ ඇමති බන්දුල ගුණවර්ධනලා අද වනවිට රුපියල තබා ඇති ස්ථානය ගැන ලජ්ජා වෙනවා විනා කාගේ හෝ කුමක් හෝ පිට පටවමින් තවතවත් බදු ගෙවන ජනයා පීඩාවට පත්නොකොට අමාත්‍ය පට්ටම් වලින් පමණක් නොව ප්‍රාමාණික දැනුමැති සංවේදී මානුෂීය පුද්ගලයෙකුට පට්ටම් භාරදී දේශපාලනයෙන්ද විශ්‍රාම ගත යුතුය.

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

 මිලානෝ,ඉතාලිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න