පැහැදිලි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කළයුතුයි - දේවානි ජයතිලක

පැහැදිලි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කළයුතුයි - දේවානි ජයතිලක

පරිසරය සුරක්ෂිත කිරීම සඳහා වන සංරක්ෂණ, වනජීවී සංරක්ෂණ සහ මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන තුනෙහි සේවකයින් ඒකාබද්ධව අද (27) නව වෘත්තිය සමිති එකමුතුවක් පිහිටුවා ගනු ලැබීය.

පරිසරය සුරක්ෂිත කිරීම සඳහා "පරිසරය උදෙසා රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව" නමින් එම නව වෘත්තිය සමිතිය පිහිටුවීමට පියවරගෙන ඇත.

ඊට එක්වූ ගම්පහ දිසා වනනිලධාරීනී දේවානි ජයතිලක  සඳහන් කළේ සංරක්ෂණය කළයුතු සහ සංවර්ධනය කළ ඉඩම් නිසි ලෙස හඳුනාගැනීමට පැහැදිලි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කළයුතු බවය.

"ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරලා සංවේදී ප්‍රදේශ, ආරක්ෂා කරගත යුතු ප්‍රදේශ, අලිමංකඩ මේ සියල්ල සංරක්ෂණය කරලා ඉතිරි වෙන ඉඩම් භූමි ප්‍රමාණයන් සංවර්ධන කටයුතුවලට සහ අනෙක් දේවල්වලට පාවිච්චි කරන්න. එතකොට ගැටළු විසඳන්න පුළුවන්. නමුත් දැන් සංවර්ධනයට සියලුම ඉඩම් අරන්. ඉතුරුවෙන ඉඩම් පමණයි සංරක්ෂණය කරන්නේ. ඒ නිසයි පරිසර පද්ධති විනාශ වෙන්නේ. අද අලි මිනිස් ගැටුම්, භෝගවලට සත්ව විවිධ හානි සිදුවෙන්නේ ඒ නිසයි. ඒ නිසා අපි තීරණය කළා රජයට මේ ගැන සහාය දීමක් විදිහට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරලා, රට නිවැරදි මාර්ගයට ගෙන යා යුතුයි කියලා. නිතරම කියනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංවර්ධනයට බාධා කරනවලු. අපි කියන්නේ තිරසාර ලෙස සංවර්ධනය කරන්න," යනුවෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක පැවසුවාය.

ඒ අනුව ඊට අදාළ ලේඛනයට රාජ්‍ය සේවකයින් අත්සන් තැබුවේ අත්තිඩිය සොබාකෙත පරිශ්‍රයේදීයි.

devani j 1000px

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න