ශ්‍රිී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ ධුර කාලය අවසන්ව ඇති බැවින්, පවතින පරිපාලන කමිටුව නීත්‍යානුකූල නොවන බව නීතිපතිවරයා සඳහන් කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා කළමනාකරණ කමිටුවක් පත් කිරීමට නීතිපතිවරයා උපදෙස් දී ඇති බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ ධූර කාලය පසුගිය පෙබරවාරි මස 20 වැනිදායින් අවසන්ව ඇති බවත්, එහි පරිපාලනයට අතුරු කමිටුවක් පත් කරන ලෙස ඉල්ලමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයාට පසුගියදා කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ලිපියක් යොමු කර ඇත.
එම ලිපිය පිළිබද නීතිපතිවරයාගේ මතය විමසීම සඳහා යොමු කර ඇති අතර, වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව කෝල්ට්ස් ක්‍රිකට් සමාජය එම ලිපියෙන් විමසා ඇත.
නීතිපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා කළමනාකරණ කමිටුවක් පත් කරන ලෙස උපදෙස් දී ඇත්තේ ඉන් අනතුරුවයි.
2019 වසරේ පෙබරවාරි 21 වැනිදා වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයක් අවසන් වරට පැවැති බවත්, එහි නිලධාරී මණ්ඩලයේ ධූර කාලය අවුරුදු 02ක් නොඉක්මවිය යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව උපුටා දක්වමින් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා පස් දෙනෙකුගෙන් සමන්විත කළමනාකරණ කමිටුවක් හෙට පත් කිරීමට නියමිත බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් පවසා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

