විවාහ ලියාපදිංචියේ මිල ඉහළට : යෝජනාව කැබිනට් මණ්ඩලයේ !

විවාහ ලියාපදිංචියේ මිල ඉහළට : යෝජනාව කැබිනට් මණ්ඩලයේ !

සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් හා දේවස්ථානයකදී සිදුවන විවාහ ලියාපදිංචිය වෙනුවෙන් ගෙවනු ලබන ගාස්තු වැඩි කිරීම සඳහා ජනපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කරමින් අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

ඊට  අනුව විවාහ දැන්වීම භාරදී සම්පූර්ණ දින 12ක් ගත වූ පසු පාර්ශ්වකරුවන්ගේ එසේම ගෘහ බලපත්‍රයක් මත විවාහයක් ලියාපදිංචි කිරීමේදී විවාහ රෙජිස්ටාර්වරයාට ගෙවනු ලබන ගාස්තුව රුපියල් 2500ක් ලෙස සංශෝධනය කිරීමට අනුමැතිය ඉල්ලා ඇත.

එසේම  විවාහ දැන්වීම භාරදී සම්පූර්ණ දින 12ක පෙර විශේෂ බලපත්‍රයක් මගින් පාර්ශ්වකරුවන්ගේ නිවසේදී විවාහය ලියාපදිංචි කරන්නේ නම් එම පාර්ශ්වකරුවන්ගේ අයකරන ගාස්තුවද රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට නිර්දේශ කර තිබේ.

2015 සිට මේ දක්වා මේ සඳහා අයකර ඇත්තේද රුපියල් 50ක මුදලකි.

රෙජිස්ටාර්වරයාට ගෙවන ගාස්තුවද රුපියල් රුපියල් 2500ක් ලෙස වැඩි කිරීමට නිර්දේශ කර තිබේ.

විවාහ දැන්වීම භාරදී සම්පූර්ණ දින 12ක ගතවූ පසු උත්සව ශාලාවකදී විවාහය ලියාපදිංචි කරන්නේ නම් ඒ සඳහා අයකරන ගාස්තුව රුපියල් 1500ක් ලෙස සංශෝධනය කිරීම සුදුසු බව නිර්දේශ කර තිබේ.

2012 සිට මේ සඳහා අයකර ඇත්තේ රුපියල් 50කි. එසේම එම අවස්ථාවේදී විවාහ රෙජිස්ටාර්වරයා ගෙවන ගාස්තුව රුපියල් 3500ක් ලෙස සංශෝධනය කිරීම සුදුු බව නිර්දේශ කර ඇත.

විවාහ දැක්වීම් භාරදී ද සම්පූර්ණ දින 12කට පෙර විශේෂ බලපත්‍රයක් මගින් උත්සව ශාලාවකදී විවාහය ලියාපදිංචි කරන්නේ නම් එම පාර්ශ්වකරුවන්ගෙන් අයකරන ගාස්තුව රුපියල් 1500ක් ලෙස වැඩිකිරීමටත් රෙජිස්ටාර්වරයාගේ ගාස්තුව රුපියල් 3500ක් කිරීමටත් නිර්දේශ කර තිබේ.

මිට අමතරව දේවස්ථානයේදී සිදුවන විවාහයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපාදිංදි කිරීමේදී අයකරනු ලැබූ රුපියල් 750ක මුද්දර ගාස්තුව රුපියල් 1500ක් දක්වා වැඩි කිරීමටත් නිර්දේශ කර තිබේ.

විවාහ දැන්වීම් භාරදී සම්පූර්ණ දින 12ක් ගතවූ පසු රෙජිස්ටාර්වරයාගේ කාර්යාලයට පැමිණ සිදුකරන සාමාන්‍ය විවාහ හා විශේෂ බලපත්‍ර විවාහ ගාස්තුවල වෙනසක් සිදු කරනු නොලබන බව දන්වා තිබේ.

(මුලාශ්‍රය - මව්රට )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න