සායනික පරීක්ෂණ වලට රටේ ජනතාව දාන්න එපා : චීන වැක්සීනයට විරෝධයක් !

සායනික පරීක්ෂණ වලට රටේ ජනතාව දාන්න එපා : චීන වැක්සීනයට විරෝධයක් !

චීනයේ නිෂ්පාදිත “සයිනෝෆාම්” නැමැති කොරෝනා මර්දන  එන්නත සදහා මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැති පසුබිමක  ජාතික ඖෂධ නියාමන අධිකාරිය ‌විසින් එම එන්නත ශ්‍රි ලංකාවට ගෙන්වීම සදහා අනුමැතිය ලබාදීම සම්බන්ධව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විරෝධය පළකරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ මෙසේ විරෝධය දක්වන අතර  සායනික පරීක්ෂණ පවා අවසන්කර නොමැති මෙම එන්නත ලංකාවට ගෙන ඒමට විරුද්ධව විශේෂඥ වෛද්‍යවරු විසින් සිය විරෝධය පළකර ඇති අතර පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියාද සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බවත්  එහි සඳහන් කර ඇත.

එසේම සායනික පර්යේෂණවලට යොදා ගැනීම සදහා මේ රටේ ජනතාව මීයන් හා බළලුන් නොවන බවද අවධාරණය කරමින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තවම ලැබී නැති කොවිඩ් සදහා වන එන්නතක් ලංකාවට ගෙනවිත් මෙරට ජනතාව යොදා පර්යේෂණ කීරීමේ සූදානමක්!

චීනයේ නිෂ්පාදිත “සයිනෝෆාම්” නැමැති කොරෝනා එන්නත සදහා මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැත. එසේ තිබියදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය ‌විසින් එම එන්නත ශ්‍රි ලංකාවට ගෙන්වීම සදහා අනුමැතිය ලබා දී ඇත. සායනික පරීක්ෂණ පවා අවසන්කර නොමැති මෙම එන්නත ලංකාවට ගෙන ඒමට විරුද්ධව විශේෂඥ වෛද්‍යවරු විසින් සිය විරෝධය පළකර ඇති අතර පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියාද සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

2021/03/31 දින මෙම එන්නත් ලක්ෂ හයක් මෙරටට ගෙනඒමට නියමිතය. සමහර පාර්ශව ප්‍රකාශ කරන්නේ එසේ මෙම එන්නත ලංකාවට ගෙන එනු ලබන්නේ චීන ජාතිකයින්ට එන්නත් කිරීම සදහා වන බවයි. එහෙත් චීන ජාතිකයින් ලක්ෂ 6 ක් මෙරට සිටිනවාද යන්න ගැටලුවකි.

සායනික පරික්ෂාව නිමකර නැති හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැති මෙම එන්නත ලංකාවට ගෙන ඒම පිලිබදව හා එම එන්නත් මෙරට ජනතාවට ලබාදීම පිළිබදව අප සංවිධානයේ දැඩි විරෝධය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රකාශ කරන අතර එම එන්නත මෙරට ජනතාවට ලබා නොදීම සදහා වන සියලුම ක්‍රියාමාර්ග අප විසින් ගන්නා බවද දැනුම් දෙමු.

සායනික පර්යේෂණවලට යොදා ගැනීම සදහා මේ රටේ ජනතාව මීයන් හා බළලුන් නොවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දන්වනු ලබන අතර චීනය විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩවල ගුණාත්මක බව හා ප්‍රමිතිය පාරිභෝගිකයින් ප්‍රශ්ණ කරන මෙම අවධියේ එන්නතක් වැනි ජනතාවට සෘජුවම බලපානු ලබන ඖෂධයක් ගෙනඒම පිටුපස විශාල දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවී ඇද්ද යන්න පිළිබදවද අප සොයා බලමින් සිටී.

ඉංග්‍රිසි ජාතිකයින් විසින් දෙල් හා වෙනත් සමහර ආහාර මෙරටට රැගෙන ආවේ මෙරට ජනතාව විනාශ කිරීමට බවද, අපේ රටේ එවකට සිටි ජනතාව දෙල් සමග පොල් අනුභව කිරීම නිසා එම විනාශයෙන් මෙරට ජනතාව ආරක්ෂා වූ බවද අප අමකත කලයුතු නැතුවාසේම චීනය විසින් ලෝකයට කොරෝනා වෛරසය ව්‍යාප්ත කලා යන චෝදනාවද තවමත් අප බැහැර කලයුතු නැත.

චීනයේ පදයට නටන මෙරට පාලකියින්ට අප රටේ ජනතාව ආරක්ෂා කිරීම සදහා නුවණ පෑදේවා යන්න අපි ප්‍රාර්ථනා කරමු.

මීට විශ්වාසී, රංජිත් විතානගේ

සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න