අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 07 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඒ අදාළ නඩුව අද (31) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවේ කැඳවූ අවස්ථාවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු පිරිසට චෝදනා එල්ලවී ඇත්තේ, හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කිරීමක් ගැනය.එම නඩුව අද කැඳවනු ලැබුවේ, මහතා හමුවේදීය.
රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබු සෙසු සැකකරුවන් අතර ඇඹිලිපිටිය පොලීසියට අනියුක්තව සේවය කළ හිටපු උපපොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උපපොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන අය ද වේ.
කොරෝනා වෛරස නිසා සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැත.
කෙසේවුවත් සැකකරුවන් තිදෙනා ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබේ.

