සහන මිළට ආයතන 500 කට ආසන්න සංඛ්‍යාවකින් බඩු භාණ්ඩ මිලදී ගැනීමේ කාඩ් පතක් මාධ්‍යවේදීන් වෙනුවෙන් නිකුත් කිරීමේ ඇසිදිසි පෙරමඟ වැඩසටහන ආරම්භ කෙරුණි.
කොළඹ පදනම් ආයතනයේදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විය.
දේශීය ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම ඔස්සේ දේශීය ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙසයි ඇසිදිසි පෙරමඟ වැඩසටහන හදුන්වා දී ඇත්තේ.
ආයතන රැසක මාධ්‍යවේදීන් මෙම අවස්ථාවට එක් වූ අතර සංකේතාත්මකව මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට කාඩ් පත් ලබා දීම ද මෙහිදී සිදු කෙරුණි. බැංකු ක්ෂේත්‍රය සහ ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

