ආදේශක පොල් තෙල්, ෆාම් තෙල් සහ පිරිපහදු නොකළ බාල තෙල් වර්ග ආනයනය කොට බෙදා හරින්නේ එකම පිරිසක් බවට දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර චෝදනා කරයි.
"දැනට පිළිකා කාරක අඩංගු තෙල් ගෙන්වූ පිරිස් මෙන්ම නීතියට හසු නොවී ෆාම් තෙල් මිශ්‍ර කළ පොල්තෙල් ආනයනය කරන පිරමිඩ් විල්මා වැනි සමාගම් සියල්ල එකම වල්ලේ පොල්.” බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.
ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේ අදහස් දක්වා ඇත්තේ "ෆාම් තෙල් ආනයනය කරන පිරිස් පොල් තෙල්වලට එරෙහිව ප්‍රචාර ගෙන යන බවට" සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසූ අවස්ථාවේය.

