මුක්කු ගහන්න ඕන අය යන්න - 2025 ආණ්ඩුවක් හදන්න මම වැඩ : මෛත්‍රීගෙන් සැර කතාවක් !

මුක්කු ගහන්න ඕන අය යන්න - 2025 ආණ්ඩුවක් හදන්න මම වැඩ : මෛත්‍රීගෙන් සැර කතාවක් !

"පක්ෂයක් වෙනුවෙන් වැඩ කරනවා නං තමන්ට කොන්දක් තියෙන්න ඕනේ තමන්ගේ පක්ෂය දිනවන්න තමන්ගේ පක්ෂය නැගිට්ටවන්න එහෙම බැහැයි කියල හිතන කවුරුහරි ඉන්නවනම් හොදයි කියල හිතෙන ඕනේ පක්ෂයක සාමාජිකත්වය අරගෙන තමන්ගේ දේශපාලනය කරන්න. ඕන්නං පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න. ඒකෙ දෙන්නෙ නැත්නම් වෙන පක්ෂ එක හරි කමක් නෑ හැබැයි පුළුවන් මිනිස්සු," යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කොට නැවතත් ජයග්‍රාහී මාවතට ගෙන ඒමට සංවිධානය කර තිබූ දෙදින වැඩමුළුව නිමා කරමින් සමාප්ති කතාව සිදුකරමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන ප්‍රධාන නියෝජිතයන් ඇතුළු පක්ෂය සමස්ථ නිලධාරියට මණ්ඩලයට මෙම වැඩමුළුව මාතලේ ග්‍රෑන්ඩ් හිල් හෝටලයේ සංවිධානය කර තිබිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේද පවසා ඇත. "මම බලාගෙන හිටියා ගොඩක් අය කියනවා අපිට අමාරුයි පොහොට්ටුවෙන් ගැලවෙන්න බෑ වෙන පක්ෂවලට සම්පත් තියෙනවා අපි එකතුවෙලා ම තමයි පළාත් සභා ඉල්ලන්න ඕන නැත්තං අපි අමාරුවේ වැටෙනවා මේ වෙලේ ආණ්ඩුව තරහා කරගන්න හොඳ නෑ.

මෙහෙම කරුණු රාශියක් මෙතන විවිධ කණ්ඩායම් ප්‍රකාශ කරනවා මම දැක්කා මට කියන්න තියෙන්නෙ මෙච්චරයි පක්ෂයක සාමාජිකයෙක් නම් එක්ක මේ පක්ෂය මම නැගිට්ටනවා.  මුක්කුව ගහලා දෙශපාලනය කරන්න ඔන්නන් ඒ අයටත් යන්න පුලුවන්.

අනාගතයේ ග්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් 2025 දී හදන්න කැමකි අය විතරක් ඉන්න. ඒ ඇති මට." වැඩමුළුව අතර තුර  ශ්‍රිලනිප කිහිපදෙනෙකු හිටපු ජනාධිපතිවරයාට "මෙයාකාරයෙන් අපි සංවිධානය වුවහොත් ඔබතුමාව හිරේ දාන්නත් බැරි නෑ එහෙම වුනොත් මොකද කරන්නේ"  යනුවෙන් පවසා ඇති අතරඊටද හිටපු ජනාධිපති ප්‍රතිචාර දක්වා ඇත. ඒ " මාවනේ හිරේ දාන්න, මගෙන් පක්ෂය පක්ෂ නායකත්වය ගන්න කෙනෙක් වෙනුවෙන් පක්ෂය හදන්න ඕනේ හිරේ යනවා නම් යන්නේ මම. ඕගොල්ලන් නෙවෙයි, ඒකට මම බය නෑ. ඕගොල්ලන් පක්ෂ වෙනුවෙන් කරන්න ඕන දේ කරන්න ඒක තමයි මේ වෙලේ වැදගත්." යනුවෙනි.

හිටපු ජනාධිපතිගේ මේ කතාවට ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ සියලු දෙනාම ඉතා සතුටෙන් මෛත්‍රී කළ කතාවට අත්පොළසන් දුන් බවත් වාර්තා වෙයි.

පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුවට ආචාර්ය මහාචාර්යවරු කිහිපදෙනකුම සහභාගීව තිබේ.

මෙම වැඩමුළුවේ සමස්ත කාලයම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ද සහභාගී වී සිටි අතර විද්වතුන් ලබාදුන් විවිධ ප්‍රායෝගික පරීක්ෂණ සඳහාද හිටපු ජනාධිපතිවරයා සහභාගි වීම කැපී පෙනුන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න