අප්‍රේල් 05 දිනට කැඳවා ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීම වහාම අවලංගු කර, කඩිනමින් පක්ෂයේ ආසන මධ්‍ය සංවිධාන පිහිටුවා, පාක්ෂිකයන්ට අසාධාරණයක් නොවන පරිදි පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව සමස්ත ලංකා කාරක සභා රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදන්නැයි පක්ෂයේ අනුශාසකවරිය ලෙස, චන්ද්‍රිකා මැතිනිය විසින් පක්ෂ ලේකම්වරයාට කරන ලද දැනුම් දීමකට අනුව එකී රැස්වීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
පක්ෂයේ හිටපු සභාපතිනියක සහ පක්ෂය නියෝජනය කළ හිටපු ජනාධිපතිවරියකද වන තමන් පක්ෂ ව්‍යවස්ථාවේ 12 (01) i වගන්තිය ප්‍රකාරව නිල බලයෙන් පක්ෂයේ සිටින එකම අනුශාසකවරිය බව පවසන චන්ද්‍රිකා මැතිනිය පක්ෂ ව්‍යවස්ථාවේ 11(¥iii) වගන්තිය අනුව තමන් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකාවක බවද පක්ෂ ලේකම්වරයාට මතක් කරදෙයි.
පක්ෂයේ වැදගත් රැස්වීම්වලට ලේකම්වරයා විසින් හිතාමතාම තමන් නොකැඳවන්නේ පක්ෂය නොමග යවමින් ඔහුට පෞද්ගලිකව වාසිවන තීන්දු ගැනීම සඳහා ඔහු සිදුකරන කුමන්ත්‍රණවලට තමන් එරෙහිවනබව ඔහු දන්නා නිසා යැයි චෝදනා කරන හිටපු සභාපතිනිය, 2021 පෙබරවාරි 25 දින පවත්වා ඇති පක්ෂයේ විධායක සභා රැස්වීම සහ නිලවරණයද පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැණිව සිදුකර ඇතිබව පැහැදිළි කරයි. එහෙයින් පක්ෂ ව්‍යවස්ථාවේ 11වන වගන්තියේ සඳහන් සියලු නියෝජිතයන් කැඳවා නීත්‍යානුකූළ විධායක සභා රැස්වීමක් පවත්වා පක්ෂයේ නව නිලධාරීන් පත්කරගන්නා ලෙසද එතුමිය පක්ෂ ලේකම්වරයාට දැනුම් දෙයි.
චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාට යවා ඇති සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.
චන්ද්‍රිකා දයාසිරිට යවපු ලිපිය මෙන්න !
නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රධාන ලේකම්,
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, 301,
ටී.බී.ජයා මාවත,
කොළඹ 10.
ලේකම්තුමනි,
2021/04/05 දින පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීම පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එය අවලංගු කරන ලෙස දැන්වීම !
-
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපතිනියක ලෙසත්, පක්‍ෂය නියෝජනය කරමින් පත්ව සිටි ජනාධිපතිනිය ලෙසත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්ථාවේ 12 (01) I වගන්තිය ප්‍රකාරව දැනට පක්‍ෂයේ සිටින එකම අනුශාසකවරිය මා පමණක් බව නීතිඥවරයකු ද වන ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු යැයි නොසිතමි.
-
පක්‍ෂ ව්‍යවස්ථාවේ 11(VIII) වගන්තිය ප්‍රකාරව මා පක්‍ෂයේ විධායක සභාවේ නිල සාමාජිකයකු බවද ඔබ නොදන්නේ යැයි නොසිතමි.
03.ඉහත කරුණු අනුව පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම්, විධායක සභා රැස්වීම්, සමස්ත ලංකා කාරක සභා රැස්වීම් ඇතුළු පක්‍ෂයේ වැදගත් රැස්වීම් හා සාකච්ඡාවන් සඳහා මා හට ආරාධනා කළ යුතු බව දැන සිටිමින්, එකී කිසිදු රැස්වීමකට මට ආරාධනා නොකිරීම පක්‍ෂය විනාශ කිරීම සදහා ඔබ විසින් සිදු කරන කුමන්ත්‍රණකාරී කටයුත්තක් බව ඉතා පැහැදිළිය.
04.වරින් වර මාධ්‍ය ඉදිරියේ ඔබ පවසන “අපි චන්ද්‍රිකා මැතිනිය ආපහු පක්‍ෂයට ගන්නවා” වැනි කියමන් මගින් චේතනාන්විතවම හා ද්වේශ සහගතව මා පිළිබඳව අප පාක්‍ෂිකයන් සහ සමස්ත ජනතාව අතර වැරදි අවබෝධයක් ඇති කිරීමේ නින්දිත උත්සාහයක් ඔබ දරන බව ද පැහැදිළිය.
-
ඔබ මෙලෙස සිදුකරන්නේ පක්‍ෂයේ රැස්වීම් සඳහා මා සහභාගී වූ විට එකී රැස්වීම් සඳහා නිල වශයෙන් සහභාගී විය යුතු නියෝජිතයින් නොමැතිව, ඔබගේ හිතවතුන් පමණක් ඒවාට සහභාගී කරගනිමින්, ඔබට පෞද්ගලිකව වාසිදායක වන තීන්දු ගැනීමට ඔබ කරන කුමන්ත්‍රණ හෙළි කරමින්, මා ඒවාට විරුද්ධ වන බව ඔබ දන්නා හෙයිනි.
-
මේ සදහා ආසන්නතම උදාහරණය වන්නේ, 2021/02/25 දින පවත්වා ඇති පක්ෂයේ විධායක සභාවේ විශේෂ රැස්වීමයි. ඒ සඳහා පක්‍ෂ ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය පරිදි කැඳවිය යුතු බොහෝ නියෝජිතයින් ඔබ විසින් කැඳවා නැත. එමෙන්ම ඔබට හිතවත් සංවිධායකවරුන්ගේ රියදුරන්, ඡායාරූප ශිල්පීන් සහ ඔබගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන්ද ඇතුළුව පක්‍ෂයේ සාමාජිකත්වයක්වත් නැති බොහෝ දෙනෙකුද එම රැස්වීමට සහභාගී වී සිටි බව ඊට සහභාගී වූ සංවිධායකවරු කිහිප දෙනෙකුම මට පැවසූහ.
-
පක්‍ෂයේ ව්‍යවස්ථාපිත සංවිධානවල විශේෂ රැස්වීම් කැඳවීමේ බලය පක්‍ෂ ව්‍යවස්ථාවේ 15, I, (ආ) වගන්තියෙන් ඉතා පැහැදිළිවම පක්‍ෂයේ සභාපතිවරයාට පමණක් පවරා දී තිබේ. එහෙත් ඔබ පක්‍ෂ ව්‍යවස්ථාවෙන් ඔබට ලබා දී ඇති සීමිත බලය අතික්‍රමණය කරමින් 2021/02/25 දිනට පක්‍ෂයේ විධායක සභාවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. ඉන් නොනැවතුණු ඔබ, විශේෂ විධායක සභා රැස්වීමකදී නොකළ යුතු පරිදි එකී ඊනියා විශේෂ විධායක සභා රැස්වීමේදී අනීතිකව හා සම්ප්‍රදාය විරෝධීව පක්‍ෂයේ නව නිලධාරී මණ්ඩලයක් ද පත්කරගෙන තිබේ.
-
එකී විධායක සභා රැස්වීමට චේතනාන්විතවම ඔබ මට ආරාධනා නොකළ බව රැස්වීම අවසානයේ ද ඔබ මාධ්‍යවලට පැවසූ “අපි මේ රැස්වීමට චන්ද්‍රිකා මැතිනියට ආරාධනා කළේ නැහැ” යන ප්‍රකාශයෙන් මුළු රටටම පැහැදිළි විය.
-
ඉහත 06,07,08 යන ඡේදවලින් කියැවෙන කරුණු අනුව 2021/02/25 දින පවත්වන ලද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විධායක සභාවේ ඊනියා විශේෂ රැස්වීම සහ එහිදී පක්‍ෂයේ නව නිලධරි මණ්ඩලයක් පත්කර ගැනීමද පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදුකර ඇති ව්‍යවස්ථා විරෝධී සහ අනීතික ක්‍රියාවලියකි. එහෙයින් පක්ෂ ව්‍යවස්ථාවේ 11 වන වගන්තියේ සදහන් සියලු නියෝජිතයින් කැඳවා, නීත්‍යානුකුල විධායක සභා රැස්වීමක් පවත්වා, පක්ෂයේ නව නිලධාරීන් පත්කර ගැනීමට කඩිනමින් කටයුතු කරන මෙන් දන්වමි.
-
2021/04/05 දින සවස 2.00 ට පැවැත්වෙන බවට ඔබ විසින් ලිපි යවා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීම සදහාද පක්‍ෂයේ අනුශාසකවරිය වන මට මෙතෙක් ආරාධනා කර නැත. එපමණක් නොව, මට දැනගන්නට ඇති ආකාරයට, පක්‍ෂ ව්‍යවස්ථාවේ 9 වන වගන්තියෙන් සමස්ත ලංකා කාරක සභාවේ නියෝජිත බව හිමිවන බහුතරයටද ඔබ මෙම රැස්වීමට ආරාධනා කර නැත. පක්‍ෂයේ මැතිවරණ බලප්‍රදේශ බොහොමයකම මෙතෙක් ආසන මධ්‍ය සංවිධාන පිහිටුවා නැති නිසා, ආසන මධ්‍ය සංවිධාන ලේකම්වරුන් ලෙස ඔබට හිතවත් පිරිස් වංචනිකව ගෙන්වා ගැනීමට ඔබ කුමන්ත්‍රණය කරන බවටද ආරංචි ලැබෙමින් තිබේ.
-
ඉහත 10 ඡේදයේ සදහන් පරිදි 2021/04/05 දින පැවැත්වීමට ඔබ සූදානම් කර ඇති පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමද පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අනීතික රැස්වීමකි. එහෙයින් එම රැස්වීම වහාම අවලංගු කර, කඩිනමින් පක්ෂයේ ආසන මධ්‍ය සංවිධාන පිහිටුවා, පාක්‍ෂිකයින්ට ආසාධාරණයක් නොවන පරිදි, පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව සමස්ත ලංකා කාරක සභා රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදන ලෙස කාරුණිකව දන්වමි.
ස්තුතියි,
මෙයට,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසිකා, ශ්‍රී ලංකා ජනරජයේ සිව්වන විධායක ජනාධිපතිනි

