තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අරක්කු සහ කසිප්පු අතර වෙනස පැහැදිළි කිරීමට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ කටයුතු කර ඇත.
"අරක්කුයි කසිප්පුයි අතර වෙනස කසිප්පු ටිකක් ගඳයි. පොෂ් නැ. බෝතල්වල ලේබල් නැ." යනුවෙන් එහි සඳහන් අතර ඇති අතර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති තැබූ සම්පූර්ණ සටහන පහත දැක්වෙයි.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මේ ෆේස්බුක් සටහන තබා ඇත්තේ කසිප්පු වැළක්වීමට ක්‍රියාකළ වෙන්නප්පුව ASP එරික් පෙරේරා එම ප්‍රදේශයේ දේශපාලන බල අධිකාරිය දරන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ බලපෑමෙන් ස්ථාන මාරුවක් ලැබීම අනාවරණයවීමත් සමඟය.
ඊට අදාළව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පොලිස් දෙපාර්තමේන්තුව අයත් අමාත්‍ය සරත් වීරසේකරට යොමුකළ ලිපියක්ද මාධ්‍ය හරහා මේ වන විට ප්‍රසිද්ධව ඇත.
අරුන්දිකගේ ප්‍රතිචාරය !
වෙන්නප්පුවේ හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට තමන් විරුද්ධ වූයේ අහිංසක ජනතාවගේ නාමයෙන් බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
තමන්ට ඔහු සමග කිසිදු පෞද්ගලික ප්‍රශ්නයක් නැති බවත් දිගින් දිගටම මහ ජනතාවගේ පැත්තෙන් පැමිණිලි ලැබෙන නිසා ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලීමක් කළ බවද ඇමැතිවරයා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ තම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.වෙන්නප්පුව ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වෙළඳාම සිදු කරන අයට නිසි අධ්‍යාපනයක් හා දැනුමක් ලබා දී ඔවුන් ස්වයං රැකියාවකට හෝ ආදායමක් උපයාගත හැකි වෙනත් රැකියාවකට යොමු කළ යුතු බව තමන් නිරන්තරයෙන් සඳහන් කළ බවද ඒ මහතා පැවසීය.
නමුත් විවිධ චෝදනා නගමින් දිගින් දිගටම කළ අත්තනෝමතික වැටලිමි නිසා ජනතාවගේ ජන ජීවිත අඩාල වූ බවද ඔහු කියා සිටී.
මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් කරන ලෙස තමන් විසින් යොමු කළ ලිපිය සමාජ මාධ්‍ය වෙත පිටවීම නීති විරෝධී බවත් ඒ ගැන පරීක්ෂණයක් සිදුකරන බවත් ඔහු පැවසුවේය.

