Language Switcher

V2025

මම නෙවෙයි වැදගත් - මාව ගෙනාපු බලවේගයයි වැදගත් : උතුරට ගිය ගෝඨාභය කියයි !

ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් අද (03) උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය.

ඒ වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දීය.

අද පෙරවරු 10.00 ට ආරම්භ වූ වැඩසටහන සඳහා වව්නියාව දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයින්, ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (03) උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය.

ඒ වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දීය.

උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන “ගම සමග පිළිසඳර” පළමු වැඩසටහන මෙය වෙයි. අද පෙරවරු 10.00 ට ආරම්භ වූ වැඩසටහන සඳහා වව්නියාව දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයින්, අමාත්‍යංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීන් මෙන්ම නිලධාරීන් ද සහභාගී විය.

පවුල් 478 කින් සමන්විත වන වෙඩිවෛත්‍යකල්ලු ගම්මානයේ පුද්ගලයින් 1,520 දෙනෙකු ජීවත් වන අතර වී සහ හේන් ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව තිබේ.2010 වසරින් පසු සංවර්ධනය නොවූ අතුරු මාර්ග, නිවාස, විදුලිය ඇතුළු යටිතල පහසුකම් ඌනතාව, පානීය සහ වගා ජල හිඟය, කෘෂිකාර්මික ගැටළු මෙන්ම වනඅලි තර්ජනය ඇතුළු ප්‍රශ්නවලට එම ජනතාව මුහුණ දී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

"ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ,"පවුල් 800කට විතර ගොවිතැන් කරන්නට ඉඩම් නෑ කියලා කිව්වා.

ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒවා කඩිනමින් ලබාදෙන්න තමයි ජනාධිපතිවරයා වශයෙන් මේ පැත්තට එන්නේ. දැන් මම මේ ඉඩම් ලබා දෙන්න කිව්වොත් හෙට ඉඳලා ගහයි මම කැළෑ කපන්න කිව්වා කියලා.

සමහර වෙලාවට වනරක්ෂණයේ ඉන්න නිලධාරීන්ට පවා මේවා තේරෙන්නේ නෑ. ඒගොල්ලෝ වනරක්ෂණ වැඩ විතරයි. අනෙක් පැත්ත බලන්නේ නෑ. අපි වගේ එක්කෙනෙක් ආවාම මාධ්‍යත් පහර ගහනවා හෝ ගාලා."

"අපිට කිව්වේ ඔන්න සුදු වෑන් එනවා, කිඹුල්ලුන්ට කන්න දෙනවා, මිනිස්සු උස්සන් ගිහිල්ලා මගේ අර මාළු ටැංකියට දාලා මෝරුන්ට කන්න දෙනවා.. දැන් ඉතින් වෙන එකක් අල්ල ගන්නවා. පරිසරය අල්ල ගන්නවා. වැරදි වැඩ කරනකොට අපි අල්ලනවා." 

"මම කටු පොල් වගාව තහනම් කළා.  විශාල විරෝධයක් තිබුණා පරිසරය, ජල මූලාශ්‍ර හිඳිලා කියලා. අපේ පොල් තෙල් තමයි හොඳ. පහුගිය කාලවල්වල අපේ පොල්ගසුත් කැපුවා. අපිට පිටරටින් පොල් තෙල් ගෙන්නන්නට සිද්ධ වුණා.

එක එක ව්‍යාපාරිකයෝ තමයි මේවා ගෙන්නන්නේ. හැබැයි මේවා හරි ප්‍රමිතියක් තියෙනවා ද කියලා බලන්න රජයේ ආයතන තියෙනවා. ඒවා ඇල්ලුවාම රජයට බනිනවා වස විස තියෙන පොල් තෙල් ගේනවා කියලා." 

"මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය කරන්න එක හේතුවක් වුණේ එතනෝල්. දැන් අපි එතනෝල් සම්පූර්ණයෙන්ම නැවැත්වුවා. හැබැයි හොරෙන් ගේනවා. ඒවා අල්ලන්න ඕනේ.

කුඩු හොරෙන් ගේනවා. කුඩු අල්ලනකොට කියනවා ඔන්න දැන් කුඩු එනවලු." "රජයේ අනෙක් ප්‍රතිපත්තිය තමයි දූෂණය නවත්වන එක. අපේම ජනතාවනේ මේවා කරන්නේ. ඒ අය අතර ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනේ.""දැන් වියත්මගටත් බයිනවා.

වෘත්තිකයන්ටත් බයිනවා. ඒ අයට වැඩ කරන්න බෑ. ජනතාව සහ නිලධාරීන් එක්ක වැඩ කරන්න දන්නෑ කියලා විශාල චෝදනා. දැන් මම තීරණය කළා ඒ අය ක්‍රමයෙන් මාරු කරන්න. මාරු කරනකොට ඔන්න එනවා මට ලියුම් හොඳ නිලධාරියෙක් ඇයි මේ මාරු කරන්නේ කියලා. හැබැයි ඉන්නකම් බයිනවා."   

"මේ රජයට මට විරුද්ධව සංවිධානාත්මකව මේ බොරු මත ගෙනියනවා. මම හැම තිස්සෙම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි වැදගත්. මාව මේ තැනට ගෙනාපු මතවාදය, ඒ බලවේගය. ඒක තමයි අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේවට විරුද්ධව තමයි බොරු ප්‍රචාර ගෙනියන්නේ. මම ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් තමයි මම කරගෙන යන්නේ."

"කොවිඩ් නිසා විශාල රටවල් වැහෙනවා. අපේ රට අපි අරගෙන යන්න හදනවා. අපි පිටරටින් ගෙනෙන ඒවා පාලනය කළාම බඩු මිල ඉහළ යනවා. හැබැයි දේශීයව වගා කරනකොට ඒ ආදායම යන්නේ ගොවියා වෙත. ඒ වගේම අපි පාරිභෝගිකයා ගැනක් කල්පනා කරන්න ඕනේ."

"මේ ප්‍රශ්න කතා කරන එකටත් සමහර අය මට බනිනවා. මටත් පුළුවන් කොළඹ වාඩිවෙලා ඉඳලා..

නමුත් මම කැමතියි ජනතාව ළඟට ඇවිල්ලා, එන මග ඉන්න අයටත් මම කතා කරනවා. ඉන් අවස්ථාව ලැබෙනවා මේ ප්‍රශ්නවලට කෙලින්ම පිළිතුරු දෙන්න."  ජනාධිපතිවරයා උත්සව සභාව පැවැති බෝගස්වැව මහා විද්‍යාලය වෙත පැමිණීමෙන් අනතුරුව ජනතාව සිය ගැටලු ඉදිරිපත් කිරීමට කටයුතුකර තිබුණි.

ප්‍රදේශවාසියෙක් - අලි වැටෙන් එහා පැත්තේ සත්තුන්ට වතුර ගන්නවා වගේම අපේ කුඹුරු ටික ගන්න තියෙන්නෙත් අලි වැටෙන් එහා පැත්තේ. ඒ වැව් කැඩිලා ගිහිල්ලා තියෙන්නේ තැන් තැන්වලින්.

ජනාධිපති - දැන් මේ කැළෑ කොටස් ඉල්ලන එක, අලිවැටෙන් එහා, ඊළඟට ගල් දාපුවායින් එහා.. ඉල්ලන එක මහ ප්‍රශ්නයක් වෙලා. ඉතින් ඒක පරීක්ෂණයක් පවත්වලා ප්‍රතිපත්ති අනුව හරි ඇත්ත කතාවද කියලා බලලා දෙන්න කියලා තියෙනවා. දැන් ඒගොල්ලෝ ඒක කරගෙන යනවා. 

මුහුණ දී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය."ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ,"පවුල් 800කට විතර ගොවිතැන් කරන්නට ඉඩම් නෑ කියලා කිව්වා. ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒවා කඩිනමින් ලබාදෙන්න තමයි ජනාධිපතිවරයා වශයෙන් මේ පැත්තට එන්නේ. දැන් මම මේ ඉඩම් ලබා දෙන්න කිව්වොත් හෙට ඉඳලා ගහයි මම කැළෑ කපන්න කිව්වා කියලා.

සමහර වෙලාවට වනරක්ෂණයේ ඉන්න නිලධාරීන්ට පවා මේවා තේරෙන්නේ නෑ. ඒගොල්ලෝ වනරක්ෂණ වැඩ විතරයි. අනෙක් පැත්ත බලන්නේ නෑ. අපි වගේ එක්කෙනෙක් ආවාම මාධ්‍යත් පහර ගහනවා හෝ ගාලා.""අපිට කිව්වේ ඔන්න සුදු වෑන් එනවා, කිඹුල්ලුන්ට කන්න දෙනවා, මිනිස්සු උස්සන් ගිහිල්ලා මගේ අර මාළු ටැංකියට දාලා මෝරුන්ට කන්න දෙනවා.. දැන් ඉතින් වෙන එකක් අල්ල ගන්නවා.

පරිසරය අල්ල ගන්නවා. වැරදි වැඩ කරනකොට අපි අල්ලනවා." "මම කටු පොල් වගාව තහනම් කළා.

විශාල විරෝධයක් තිබුණා පරිසරය, ජල මූලාශ්‍ර හිඳිලා කියලා. අපේ පොල් තෙල් තමයි හොඳ. පහුගිය කාලවල්වල අපේ පොල්ගසුත් කැපුවා. අපිට පිටරටින් පොල් තෙල් ගෙන්නන්නට සිද්ධ වුණා. එක එක ව්‍යාපාරිකයෝ තමයි මේවා ගෙන්නන්නේ.

හැබැයි මේවා හරි ප්‍රමිතියක් තියෙනවා ද කියලා බලන්න රජයේ ආයතන තියෙනවා. ඒවා ඇල්ලුවාම රජයට බනිනවා වස විස තියෙන පොල් තෙල් ගේනවා කියලා." "මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය කරන්න එක හේතුවක් වුණේ එතනෝල්.

දැන් අපි එතනෝල් සම්පූර්ණයෙන්ම නැවැත්වුවා. හැබැයි හොරෙන් ගේනවා. ඒවා අල්ලන්න ඕනේ. කුඩු හොරෙන් ගේනවා. කුඩු අල්ලනකොට කියනවා ඔන්න දැන් කුඩු එනවලු." 

"රජයේ අනෙක් ප්‍රතිපත්තිය තමයි දූෂණය නවත්වන එක. අපේම ජනතාවනේ මේවා කරන්නේ. ඒ අය අතර ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනේ.""දැන් වියත්මගටත් බයිනවා. වෘත්තිකයන්ටත් බයිනවා. ඒ අයට වැඩ කරන්න බෑ.

ජනතාව සහ නිලධාරීන් එක්ක වැඩ කරන්න දන්නෑ කියලා විශාල චෝදනා. දැන් මම තීරණය කළා ඒ අය ක්‍රමයෙන් මාරු කරන්න. මාරු කරනකොට ඔන්න එනවා මට ලියුම් හොඳ නිලධාරියෙක් ඇයි මේ මාරු කරන්නේ කියලා. හැබැයි ඉන්නකම් බයිනවා."  

 "මේ රජයට මට විරුද්ධව සංවිධානාත්මකව මේ බොරු මත ගෙනියනවා. මම හැම තිස්සෙම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි වැදගත්. මාව මේ තැනට ගෙනාපු මතවාදය, ඒ බලවේගය. ඒක තමයි අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේවට විරුද්ධව තමයි බොරු ප්‍රචාර ගෙනියන්නේ.

මම ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් තමයි මම කරගෙන යන්නේ.""කොවිඩ් නිසා විශාල රටවල් වැහෙනවා. අපේ රට අපි අරගෙන යන්න හදනවා. අපි පිටරටින් ගෙනෙන ඒවා පාලනය කළාම බඩු මිල ඉහළ යනවා.

හැබැයි දේශීයව වගා කරනකොට ඒ ආදායම යන්නේ ගොවියා වෙත. ඒ වගේම අපි පාරිභෝගිකයා ගැනක් කල්පනා කරන්න ඕනේ.""මේ ප්‍රශ්න කතා කරන එකටත් සමහර අය මට බනිනවා. මටත් පුළුවන් කොළඹ වාඩිවෙලා ඉඳලා..

නමුත් මම කැමතියි ජනතාව ළඟට ඇවිල්ලා, එන මග ඉන්න අයටත් මම කතා කරනවා. ඉන් අවස්ථාව ලැබෙනවා මේ ප්‍රශ්නවලට කෙලින්ම පිළිතුරු දෙන්න." 

 ජනාධිපතිවරයා උත්සව සභාව පැවැති බෝගස්වැව මහා විද්‍යාලය වෙත පැමිණීමෙන් අනතුරුව ජනතාව සිය ගැටලු ඉදිරිපත් කිරීමට කටයුතුකර තිබුණි.ප්‍රදේශවාසියෙක් - අලි වැටෙන් එහා පැත්තේ සත්තුන්ට වතුර ගන්නවා වගේම අපේ කුඹුරු ටික ගන්න තියෙන්නෙත් අලි වැටෙන් එහා පැත්තේ. ඒ වැව් කැඩිලා ගිහිල්ලා තියෙන්නේ තැන් තැන්වලින්.

ජනාධිපති - දැන් මේ කැළෑ කොටස් ඉල්ලන එක, අලිවැටෙන් එහා, ඊළඟට ගල් දාපුවායින් එහා.. ඉල්ලන එක මහ ප්‍රශ්නයක් වෙලා. ඉතින් ඒක පරීක්ෂණයක් පවත්වලා ප්‍රතිපත්ති අනුව හරි ඇත්ත කතාවද කියලා බලලා දෙන්න කියලා තියෙනවා. දැන් ඒගොල්ලෝ ඒක කරගෙන යනවා. 

(දෙරණ)

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found