පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතලවලට විධායකය ගරු කළ යුතුයි -ඉරාන්

පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතලවලට විධායකය ගරු කළ යුතුයි -ඉරාන්

ව්‍යවස්ථා ප්‍රතිපාදන තිබියදී  2020 දී ජනපති අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන්කිරීමට භාණ්ඩාගාර ලේකම් ට නියෝග කිරීම පාර්ලිමේන්තු බලය හෑල්ලු කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

රටේ ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් වන හෙයින් අධිපතිවාදයට ඉඩ නැති බවත් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අවස්ථාවක රාජ්‍ය සේවයට මුදල් වෙන් කිරීම සඳහා යළි පාර්ලිමේන්තුව රැස් කිරීමට ජනපතිට ව්‍යවස්ථා බලය් දී ඇත්තේ මූල්‍ය බලය පාලිමේන්තුව සතු යන උත්තරීතර භාවයට ගරු කරමින් බවත් ඔහු අවධාරණය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මේ අදහස් දක්වා සිටියේ  පාර්ලිමේන්තුවේදී මීට පෙර අගමැතිවරයාගෙන් ඇසු ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ලබාදුන් පිළිතුරට ප්‍රතිචාර දක්වමිනි.

ඒ අනුව  අගමැතිගෙන් ඇසූ ප්‍රශ්නයට අජිත් නිවාර්ඩ් කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යවරයා ලබා දුන් පිළිතුර නිවැරදි නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසා සිටියේ ව්‍යවස්ථාවේ 150 (3) යටතේ ජනපතිට මූල්‍ය බලය ඇත්තේ මැතිවරණ වියදම් සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට පමණක් බවය.

එසේම විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයට වෙන් වෙන් වශයෙන් බලය වෙන් කර ඇත්තේ එක් අධිකාරියක බලය අනෙකා ඩැහැගැනීම වළක්වාලීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණය නිසා බවත් මේ කුළුණු තුනට අමතරව මාධ්‍ය සිව් වන කුළුණ ලෙස සලකන්නේ මෙහි බලය සංවරණ හා තුළනාත්මකව නිසි ලෙස පවත්වාගෙන යන්නේද යනුවෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වගකීම මාධ්‍යයට පැවරෙන නිසා බවත් මන්ත්‍රීවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න