රන්ජන් වෙනුවට ඊළඟට කවුද ?

රන්ජන් වෙනුවට ඊළඟට කවුද ?

 රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවට දන්වා ඇත.

අද (07) පාර්ලිමේන්තුවේ දී නිවේදන පිළිබඳ දන්වමින් කතානායක මේ බව සඳහන් කර ඇති අතර ,ඊට අනුව  නීති උපදෙස් සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායක ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමට දන්වා යවා ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබේ.

ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා පත්වීමට ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට මනාප හිමිකරගෙන සිටින අජිත් මාන්නප්පෙරුම ට අවස්ථාව හිමිවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න