Language Switcher

V2025

චීන්නු ලංකාවේ නීති විරෝධී සූදුවටත් බැහැලා !

බම්බලපිටිය ලෝරිස් පාර ප්‍රදේශයේදී නීති විරෝධී සූදු පොළක් වටලා චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍ය වෙත පවසා ඇත්තේ , චීන ජාතික කාන්තාවක ඇතුළු චීන ජාතිකයින් 5 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් දස ලක්ෂ 88 500 ක් හා චීන යුවාන් 2600 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම වැටලීම  බම්බලපිටිය සහ කොල්ලිපිටිය පොලිස් ස්ථානවල නිලධාරීන් ඒකාබද්ධව සිදුකර ඇත.