පොලිස් රථයට ගල් ප්‍රහාරයක් - ජඹුරේවෙල හිමිට පොලිස් ඇප !

පොලිස් රථයට ගල් ප්‍රහාරයක් - ජඹුරේවෙල හිමිට පොලිස් ඇප !

කොළඹ කොටුවේ ඊයේ (08) පැවති විරෝධතාවයක් අතරතුර ඇති වූ සිද්ධියකදී අඩංගුවට ගත් 'සිංහලේ අපි' ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමියන් සහ අනෙක් පුද්ගලයා පොලිස් ඇප මත මුදා හැර තිබේ.

'යුද්දයේදී දිවිපීදූ ත්‍රිවිද හමුදා යැපෙන්නන්ගේ සංසදය' නමැති සංවිධානයක් විසින් ඊයේ සංවිධානය කර තිබු පාගමන අතරතුර එහි ආරක්ෂාවට ගිය පොලිස් ජීප් රථයකට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් එම පාගමන සංවිධානය කළ ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමියන් අත්අඩංගුවට ගෙන තිබිණ.

එම අත්අඩංගුවට ගැනීම සිදුවූ අවස්ථාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියේ, කොටුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුරදී උන්වහන්සේ කොටුව පොලිස් ස්ථානයේ ජීප් රථයට පහරදී අලාභයක් සිදුකර ඇති බවයි.

අනතුරුව උද්ඝොෂණයේ යෙදුණු පිරිස පොලිසියට ගොස් අත්අඩංගුවට ගත් ජඹුරේගොඩ හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලා පොලිසිය වටකළහ.

මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න හිමියන් කියා සිටියේ මෙම පහරදීම උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට කළ දෙයක් බවයි.

කෙසේවුවද අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් ඊයේ (8) දහවල් අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා කොටුව පොලිසියේ රඳවා තබා ගෙන සිට පොලිස් ඇප මත මුදා හැර තිබිණි.

පොලිස් ජීප් රථයට පහරදීමේ සිද්ධියට චන්ද්‍රරතන හිමියන්ගේ සම්බන්ධයක් නොමැති බව එම සිදුවීම සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයෙදී අනාවරණය වී ඇතැයි පැවසේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න