ලංකාවට කොවිඩ්-19 එන්නත් සැපයීම : ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලයෙන් නිවේදනයක් !

ලංකාවට කොවිඩ්-19 එන්නත් සැපයීම : ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලයෙන් නිවේදනයක් !

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත් ශ්‍රී ලංකාවට සැපයීම පිළිබඳ නවතම තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකවරයා සඳහන් කළේ කොවිඩ්-19 වසංගතයට එරෙහිව සාමූහිකව සටන් කිරීමට ඉන්දියාව දක්වන කැපවීම අනුව, ඉන්දියාව කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 64.51ක් (2021 අප්‍රේල් 09 වන දින වන විට) ද්විපාර්ශවික වශයෙන් රටවල් 85කට ද කොවැක්ස් (COVAX) පහසුකම යටතේ ද එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සේවකයන්ට ද සාම සාධක හමුදාවන්ට ද ලබා දී ඇති බවයි. 

පසුගිය සතිය තරම් ආසන්න කාලයේද මෙම එන්නත් තොග ආසියානු, පැසිෆික් සහ දකුණු ඇමරිකානු රටවලට සපයා ඇත. ඉන්දියාව විසින් නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.2ක් ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසයන්හිදි ශ්‍රී ලංකාවට ළඟා විය. 

මෙයින් අවසාන තොගය කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමි විය. මෙම එන්නත්හි ප්‍රථම තොග ලැබීමත් සමඟ සැලසුම් කළ දිනයන්ට පෙර එන්නත්කරණ වැඩසටහන ඇරඹීමට ශ්‍රී ලංකාවට හැකි විය.

2.    දැනටමත් ලොව විශාලතම එන්නත් නිෂ්පාදන ධාරිතාවය හිමි ඉන්දියාවේ නිෂ්පාදන ධාරිතාවය නිසි අනුමැතිය ලද කොවිඩ්-19 එන්නත් සඳහා හදිසි ගෝලීය ඉල්ලුම සපුරාලීම සඳහා ඉහළ නැංවෙමින් පවතී. නිෂ්පාදනය සහ දේශීය අවශ්‍යතාවය ඇතුළු විවිධ කරුණු සැලකිල්ලට ගනිමින් එන්නත් සැපයුම සකස් කෙරෙමින් පවතී.

3.  ඉන්දියාව තවදුරටත් කොවිඩ්-19 වසංගතයට එරෙහිව ගෝලීය සටනේ පෙරමුණ ගනු ඇති අතර අදාළ පාර්ශවකරුවන් සමඟ සිය වටිනා සහයෝගීතාවය පවත්වාගෙන යනු ඇත.

කොළඹ

2021 අප්‍රේල් 10

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න