එජාප ඒකමතික තීන්දුවක් - රොනී ද මැල් උපදෙස අනූව - රනිල් පාර්ලිමේන්තුවට !

එජාප ඒකමතික තීන්දුවක් - රොනී ද මැල්  උපදෙස අනූව - රනිල් පාර්ලිමේන්තුවට !

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  විසින් බාර ගනු ඇතැයි එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.

එජාප සභාපති මෙසේ සඳහන් කර සිටියේ ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.එක්සත් ජාතික පක්ෂය විසින් ගන්නා ලද ඒකමතික තීන්දුවක් මත හිටපු අගමැති , එජාප නායක  රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඉදිරියේදී සූදානමක් ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

රනිල්ට රොනී දුන්න උපදෙස !

එසේම පසුගියදා පැවති මෙරට ආන්දෝලනාත්මක මුදල් අමාත්‍යවරයකු වන රොනී ද මැල් ගේ උපන්දින සැමරුම අවස්ථාවේ ද ඔහුත් එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත පක්ෂය වෙත ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගෙන පාර්ලිමේන්තුව වෙත යන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

දේශපාලන  ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රොනී ද මැල් හිටපු මුදල් අමාත්‍යවරයාගේ උපන්දින සාදය අවස්ථාවේ මේ ඉල්ලීම සිදුකර ඇත.එහිදී රොනී ද මැල් හිටපු මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙරට පත්ව ඇති තත්ත්වය අනූව ඉදිරි විපක්ෂයේ කාර්‍ය භාරය ඉටුකිරීම සඳහා රනිල් වික්‍රමසිංහ වැනි පළපුරුදු අයෙකු පාර්ලිමේන්තුව තුළ සිටිය යුතු බවය.මේ අවස්ථාව සඳහා රනිල් වික්‍රමසිංහ , තිස්ස අත්තනායක , පැල්පොල විපස්සි හිමි ඇතුළු පිරිසක් සහභාගී ව තිබේ.

සජිත් ඉල්ලගෙන ගිහින් !

මේ අවස්ථාව සඳහා විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස ද එක්වීමට ඉල්ලා ඇතත් කේක් කපන අවස්ථාව සඳහා සහභාගී වීමට ආරාධනා කරන්න නොහැකි බැවින්  උපන් දින සාදයට පෙර ඔහුට අවස්ථාව දී ඇති බවත් වාර්තා වෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රොනී ද මැල් ගේ කොළඹ නිවසට ගොස් ඇත්තේ ඒ අනූව බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න