එක දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදනයවූවන් සංඛ්‍යාව අද (30) වාර්තා වී ඇත.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන ආකාරයට අද දිනයේ වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,662 කි.
ඒ අනුව මෙරටින් ගතවූ දින 04 ක කාලය තුලදී පිට පිට කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වුවා. මෙරට දැනට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 108,146ක් වන අතර රෝහල් ගතව සිටින පිරිස 11,504ක්.
ගතවූ දින 05ක කාලය තුලදී මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,769ක් බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
