Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ලංවිම පුහුණු මධ්‍යස්ථාන කොවිඩ් රෝහල් කරයි

ලංකා විදුලි බල මණ්ඩලයේ පුහුණු මධ්‍යස්ථාන කොවිඩ් 19 ආසාදිතයින් වෙනුවෙන් වූ රෝහලක් බවට පත්කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  පවසයි.

දිවයිනේ ‍ප්‍රමුඛ රෝහලක් හා එක්ව මෙම කාර්යය සිදුකරන බව ඇමතිවරයා සඳහන් කරයි.

මේ යටතේ පිළියන්දල, කලවාන, සමනලවැව සහ කිංචිගුණේ ලංවිම පුහුණු පාසල් රෝහල් වට පත්කෙරෙන අතර එහි සියලු සංචාරක නිවාස නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කෙරේ.

පිළියන්දල පුහුණු පාසල කොවිඩ් ආසාදනය වන විදුලි සේවකයින් වෙනුවෙන් වූ රෝහලක් බවට පත්කිරීම අද (13) ආරම්භ කළ බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.