ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති පිරිසටත් එන්නත් ලබා දෙන්න - විපක්ෂ නායක

ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති පිරිසටත් එන්නත් ලබා දෙන්න - විපක්ෂ නායක

මෙරට ජීවත්වන ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති පිරිස් වෙත එන්නත්කරණය සිදුකරන ලෙස විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස  රජයෙන් ඉල්ලීමක් කරයි.

එතුමාගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම ඉල්ලීම සිදුකර තිබේ.

කොවිඩ් වසංගතයෙන් බලවත් පීඩාවකට සහ අසාධාරණයකට පත්වු පිරිසක් ලෙස ඔවුන් හැඳින්විය හැකි බව ද විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ.

එන්නත්කරන ලැයිස්තු සඳහා එම පිරිස් ඇතුළත්ව නොමැති බවත් ඔවුන්ගේ ජීවන මාර්ග පවා මේ වන විට බිඳ වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

එබැවින් කොරෝනා ව්‍යසනයේ බරපතළ තත්ත්වය ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති පිරිස භුක්ති විඳිමින් සිටින බවත් සාමාන්‍ය පුරවැසියන් හා සම අයිතිවාසිකම් මෙන්ම වරප්‍රසාද ඔවුන්ට හිමිවිය යුතුව ඇතැයි පෙන්වා දෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එවන් පිරිසකගේ සුරක්ෂිතාව වෙනුවෙන් නිසි පසුබිමක් සලසා දීම රජය සතු වගකීමක් වන බව ද සඳහන් කරයි.

එන්නත්කරන දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බවත් සෞඛ්‍ය කාරණාවක් අබියස මිනිස් ජීවිත බෙදා වෙන්කිරීම ග්‍රෝතික සමාජයක හෝ දැකිය නොහැකි තත්ත්වයක් බවත් සජිත් ප්‍රේමදාස  වැඩිදුරටත් එම නිවේදනයේ දක්වා තිබේ.

image 9dd6605021

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න