X-Press Pearl නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (29) පෙරවරුවේ, උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි, අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
=තව ද සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී ඇති අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, මෙවැනි ආපදාවන්වලට මුහුණ දීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිල දී ගැනීමට කටයුතු කරන ලෙසයි.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයා සමුද්‍රීය දූෂණය වැළැක්වීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින නාවික හමුදාව ඇතුළු සියලු දෙනාට සිය ප්‍රණාමය පුද කළ බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.
මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්ව ඇත.

