කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම අඩු කර පෙන්වීම සඳහා ආණ්ඩුව මේ වනවිට දෛනිකව සිදුකරනු ලබන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය හයදහසකින් පමණ අඩු කර ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.ඔහු පවසන්නේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3500 සිට 2200 මට්ටම දක්වා අඩුවී ඇතැයි පෙන්වීම සඳහා මෙලෙස ආණ්ඩුව දෛනික PCRපරීක්ෂණ සංඛ්‍යාව 25000 සිට 17000 දක්වා අඩුකර ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මෙසේද පැවසීය. “3500 ඉක්මවලා තිබුණු ආසාදිතයින් ප්‍රමාණය අද 2000 – 2200 සීමාවට අඩුවෙමින් යනවා කියන සිග්නල් එක දෙන්න ආණ්ඩුවට වුවමනා වෙලා තියෙනවා.
එතකොට මේක කරන්නෙ කොහොමද ? මේක කරන්නෙ එන්න එන්නම කරන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩුකරලා. මැයි මාසෙ 20 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරනවා PCR පරීක්ෂණ 25713ක් කළා කියලා.
ඒක මැයි 22 වෙනිදා වෙනකොට 22824ට අඩුවෙනවා. ඒක 24 වෙනිදා වෙනකොට 17000ට බහිනවා. ඊයෙ, 27 වෙනිදා මේ රටේ PCR පරීක්ෂණ කරන්නෙ 18156 යි. එතකොට ඒ 18000න් 17000න් තමයි මේ 2200ක් විතර ආසාදිතයින් වාර්තා වෙන්නෙ. ප්‍රතිශතයක් හැටියට අපි තාමත් ඉහළ තැනක ඉන්නෙ.
එතකොට ආණ්ඩුව මොකක්ද මේ කරන්න හදන්නෙ ?
ආණ්ඩුව කියන්න හදනවා ඔන්න දැන් ආසාදිතයින් අඩුවෙලා කියලා” යනුවෙන් පවසා තිබේ.

