එන්නත්කරණය දඩාවතේ ගියොත් සේරම අවධානමේ : විශේෂඥයින් අනතුරු අඟවයි !

එන්නත්කරණය දඩාවතේ ගියොත් සේරම අවධානමේ : විශේෂඥයින් අනතුරු අඟවයි !

දිගින් දිගටම එන්නත්කරණ කටයුතු සඳහා විවිධ පාර්ශව සහ දේශපාලන බලපෑම් ඇතිවුවහොත් එය එන්නත් මිලදී ගැනීමේ ක්‍රියාවලියට ද බලපෑම් කරනු ඇති බව   වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය ආණ්ඩුවේ බලධාරීන්ට අවධාරණය කර සිටියි.    

"මේ කෝවිඩ් 19 එන්නත්කරණයේ අවුල් ජාලයට විසදීමට ඇති අන්තිම අවස්ථාව”  එම සංගමය  අවධාරණය කරන අතර ඒ  ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 එන්නත්කරණය – අප කරන්නේ කුමක්ද සහ වර්තමාන අවුල් ජාලයට වගකිව යුත්තේ කවුද? යන ශීර්ෂයෙන් යුතුව නිකුත්කළ නිවේදනය හරහාය.

මැයි 27 වනදා  වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය නිකුත්කළ මෙම නිවේදනයේ ඉතා පැහැදිලිව එන්නත්කරණය ලක්ව ඇති අවධානම මෙසේ දක්වා ඇත.

" දේශපාලන සහ විවිධ කණ්ඩායම් වල අඅනිසි බලපෑමට යටත්වී ඇති මෙම කොවිඩ් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය විද්‍යාත්මක පිළිවෙතින් බැහැරව ක්‍රියාත්මක වීම ජාත්‍යන්තර වශයෙන් සමස්ථ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාව දිනාගෙන තිබූ කීර්ති නාමය විනාශ වීමට හේතු විය හැක.

මෙමඟින් අපගේ ඉදිරි ප්‍රතිශක්තිකරණ එන්නත් මිලදී ගැනීමේ ක්‍රියාවලියට ද  බාධා ඇතිවිය හැක"

අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

WhatsApp Image 2021 05 29 at 11.16.36

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න