රත්නපුර එන්නත්කරණ කටයුතු 30 ඇරඹේ !

රත්නපුර එන්නත්කරණ කටයුතු 30 ඇරඹේ !

මේ වන විට දිවයිනේ කොව්ඩ් රෝගීන් වාර්තා වන අධි අවදානම් දිස්ත්‍රික්ක තෝරා ගෙන එන්නත්කරණය ආරම්භ කර ඇති අතර ඒ අනූව  ලබන ඉරිදා (30) රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවත් ඉන්පසු යාපනය දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  ප්‍රකාශ කළ  බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව සඳහන් කරන අතර අමාත්‍යවරිය උපුටා දක්වමින් එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.,

“ලෝකයේ එන්නත් ලබා ගැනීම අති දුෂ්කර කාර්යයක්. ලෝකයේ එකම එන්නතක් ‌හෝ ලබා නොගත් රටවල් 45 ක් තියෙනවා. ලංකාවේ දී එන්නත් ලබා දීමේ දී දිස්ත්‍රික්ක ප්‍රමුඛතා ගත කිරීමේ දී නිර්ණායකයන් කිහිපයක් පාවිච්චි කලා. එයින් ඒකක් තමයි මේ දිස්ත්‍රික්ක වල හමු වු රෝගීන් සංඛ්‍යාව, මෑතකදී හමු වු රෝගීන් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව ඒ වගේම ඒ භූමියේ ස්වභාවය. මේ කාරණා සලකා බලමින් තමයි කුමන දිස්ත්‍රික්කවලට එන්නත් ලබා දිය යුතු ද යන්න අප තීරණය කරනු ලබන්න‍ේ.

ඒ අනුව ඊලඟට ලැබෙන එන්ත්  අපි දැනට  ලබා දෙන දිස්‍ත්‍රික්ක වලට අමතරව රත්නපුර සහ යාපනය යන දිස්ත්‍රික්ක වලට ලබා දීමට අපි කටයුතු කරනවා. මෙහිදී රත්නපුර දිස්‍ත්‍රික්යේ එන්ත්න ලබා දීම ලබන 30 වෙනිදා ඉරිදා ආරම්භ කරනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න