මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ජූනි 11 වනදා දක්වා රිමාන්ඩ් කර ඇත.
ඒ අද (28) දින මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වන අතර මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කාර්‍ය භාර වෛද්‍යවරියගේ රාජකාරියට බාධා කිරීම, කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මීට හේතු විය. මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අද පෙරවරුවේ ගල්කිස්ස නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට භාරවීමෙන් අනතුරුව ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොදුජන පෙරමුණේ පළාත් පාලන සංසදයේ ප්‍රධානියකු බැවින් ඔහුගේ බන්ධනාගාර ගතවීම වලක්වා ගැනීමට ප්‍රබල උත්සාහයක් දියත්ව තිබූ බවය.
විශේෂයෙන් ආණ්ඩුවේ බැසිල් පාර්ශ්වය ඒ සඳහා උත්සාහ කළ නමුත් එය ව්‍යර්ථ වූ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී අමාත්‍යවරයකු "විමල්ට ගහන ප්‍රෙස් ටික තිබ්බේ සමන්" කියමින් බන්ධනාගාර ගතවීම වලක්වා ගැනීමට උත්සාහ කර ඇතත් එයත් අසාර්ථක වී ඇත.
ඒ වාර්තා වන ආකාරයට එන්නත්කරණ වැඩපිළිවෙළ අර්බුදයට යැවීම සම්බන්ධව ජනාධිපති තද ස්ථාවරයක සිටීමය.
"අපරාදෙ, බැසිල් ස හිටියා නම් සමන් එළියේ " යනුවෙන් සමන්ලාල් බේරගන්න අසමත් වූ තැන ඇතමුන් පැවසූ බවටත් තොරතුරු වාර්තා වෙයි.
පසුගිය සමය පුරා විවිධ දේශපාලනඥයින් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව එන්නත්කරණ වැඩසටහන දේශපාලනීකරණය කරමින් සිටින බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය ක්ශේත්‍රයේ කාර්‍ය මණ්ඩල දැඩි ආතතියකට පත්ව ඇති බවට ජනාධිපති වෙත පැමිණිලි ලැබූ තිබූ බව වාර්තා වෙයි.
එසේම මොරටුව නගරාධිපති ඊයේ සිදුකළ බලපෑම හමුවේ ආණ්ඩුවේ දේශපාලනඥයින් කිහිපදෙනකු , සෞඛ්‍ය ක්ශේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක ප්‍රධානීන් , ප්‍රසිද්ධ භික්ෂුන් කිහිපදෙනකු සහ ඉහළ පෙළේ වෘත්තිකයන් කිහිපදෙනකු ද ජනාධිපති වෙත පැමිණිලි කර ඇත.
ජනාධිපති විසින් නීතිය ක්‍රියාත්මක කිරීමට දන්වා ඇත්තේ ඒ අනුවය.

