වන ඝන වැනසිල්ලට මොන පරිසර දිනද ?

වන ඝන වැනසිල්ලට මොන පරිසර දිනද ?

මැයි මස 5වන දාට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් ලොව පුරා බොහෝ රටවල් සංකේතාත්මකව කරන සැමරීම් වලට එහා යමින් මිනිස් ක්‍රියාකාරකම්වලින් පරිසරයටවන හානිය වලක්වා ගැනීම හා අවම කිරීම වෙනුවෙන් ඉතා ප්‍රායෝගික යෝජනවලියන් ඉදිරිපත් කරමින් හා ක්‍රියාත්මක කරමින් අද දිනයේ වැඩි බරකින් කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ අපට පරිසර දිනය සංකේතාත්මකව හෝ සමරන්නට සදාචාරාත්මක අයිතියක් තිබේද….?            

වර්ථමානයේ පාරිසරික පද්ධතීන්ට සිදුවන හානිය හා ගෝලීය පාරිසරික දූෂණය වෙනුවෙන් Green Good වැනි සංකල්පයන් ක්‍රියාත්මකවන මොහොතක පාරිසරික පද්ධතීන් අමු අමුවේ සමූලඝාතනය කරමින් දැවැන්ත වනවිනාශයන් සිදු කරන බවට වත්මන් ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න විසින්ද මාධ්‍ය අමතා ප්‍රකාශ කර තිබින.

තවද පරිසරය ආරක්ෂා කිරීමේ සාමූහි දැවැන්ත වහගීමක් ලෙස ක්‍රියාත්මක වියයුතු කාලපරිච්ඡේදයක නව පාරිසරික නීති රීති අණපනත් ඉදිරිපත් වියයුතුව තිබුනද, එසේ වීම කෙසේ වෙතත් පැවති අණපනත් පවා වර්ථමාන රජය විසින් අහෝසිකර ඇත.

ඊට ආසන්නතම උදාහරණය නම් 5/2001 අවශේෂ වනාන්තර චක්‍රලේඛයයි.

ඔක්සිජන් කන්නද අහපු රටේ පූචානමට පැල සිටුවන ඇමතිවරු……!      

තවද ලෝකයට උරුමයක් වන්, රැම්සාර් සම්මුතියෙන්ද ආවරණය වූ අපේ රටේ වටුනාම තෙත්බිම් පතන,විල්ලු ඇතුලත් අධි පාරිසරික ජෛව වවිවිධත්වයකින් යුතු සංවේදී කලාප සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට උඩගෙඩි දුන් මැති ඇමැත්තන් අද සංකේතාත්මකව ලෝකෙට පෙනෙන්නට පැලයක් සිටුවීම කෙතරම් විහිලුසගගතද යන්න වටහාගත යුත්තේ ඔවුන්ට කතිරයේ බලය ලබාදුන් රටවැසි ඔබ විසිනි….

පරිසරය රකින විරුවාට ෆේස්බුක් සමාජ මාධ්‍ය ක්‍රියාධරයකු විසින් සිහිකැඳවූ පසු නිකුත්වූ පරිසර ප්‍රකාශය…!

දැවැන්ත පරිසර විනාශයක් සිදුවන බව මාධ්‍ය සංදර්ශන පවත්වමින් බිල්ලන් මවමින්, තම රජය බලාත්මක වීමෙන් පස් පිඬක් ගිලිහෙන්නට නොදෙන බව සපත කරමින් පරිසරය රකින විරුවා ලෙසින් හඳුන්වාගත් පාලකන් හට සමාජ මාධ්‍ය ක්‍රියාධරයකු වන Bharatha prabhashana Thennakoon  විසින් අද ලෝක පරිසර දිනය ජනපති හෝ අගමැති ලෝක පරිසර දින පනිවිඩයක්වත් නිකුත් නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කිරීමෙන් අණතුරුව සැලකිය යුතු වේලාවකට පසුව එම පණිවුඩය නිකුත් විය…

කිසිදා ප්‍රතිපූර්ණයකට ලක් කළ නොහැකි අති බිහිසුනු පාරිසරික හානියක් සිදුකළ පාලකයන්ට ලෝක පරිසර දිනය සැමරිය හැකිද….?        

Xpress pearl නම් නෞකාවක් අධි රසායනික ද්‍රව්‍ය ප්ලාස්ටික් අමුද්‍රව්‍ය,රූපලාවණ්‍යය රසායනික ද්‍රව්‍ය,මයික්‍රෝ ප්ලාස්ටික්,  අන්තරාදායක රසායනික බහාලුම් සහිතව අප සාගර කලාපයට පැමිණ සිදු කළ මහා සාහසික අපරාධය කිසිදා ප්‍රතිපූර්ණයකට ලක් කළ නොහැක.              

මේවන විටත් සමස්ත මුහුදු වෙරළ කලාපයන් සියල්ලම පාහේ දැඩි අවදානමට ලක් වී ඇති අතර ඒ සමගම සාගර පාරිසරික පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇත...Sea Grass Beds, කොරල් පර මෙන්ම අධි ජෛව විධත්වයකින් යුතු මුහුදු කලාපයන්හි මසුන් ඇතුලු මුහුදු ජීවීන් වැඩිමනක් මේ මොහොත වනවිට විනාශ වී හමාරය.            

ලෝක පරිසර දිනයට සමගාමීව සමස්ත ලෝකයාගේම අවධානයට යොමු වී ඇත්තේ අනතුර දැන දැනත් රට තුළට ඒමට ඉඩහල නෞකාව සිදුකළ කිසිදා හානිපූර්ණය කළ නොහැකි මහා පාරිසරික අපරාධය පිළිබඳවය.

මේ මොහොතේවත් සැබෑ උවමනාවෙන් ක්ෂේත්‍රයේ නිපුනතා කුසලතා හිමි සියලු ප්‍රජාවන්ගේ දැණුම අත්දැකීම් එක්කරමින්, දැවැන්ත ප්‍රායෝගික වැඩ පිළිවෙලක් හා නව නීති රීති අණපනත්, ඉදිරියේ ඇතිවිය හැකි අණතුරු අරඹයා වහාම කඩිනමින් ක්‍රියාත්මක වියයුතු නොවේද?

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි.

මිලානෝ,

ඉතාලිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න