බලපුළුවන්කාරයන්ට සංචරණ නීති අදාළ නෑ : PHI සංගමය දන්වයි !

බලපුළුවන්කාරයන්ට සංචරණ නීති අදාළ නෑ : PHI සංගමය දන්වයි !

සංචරණ නීති නිසි ලෙස පිළිපදින්නේ අහිංසක ජනතාව පමණක් බවත් බලපුළුවන්කාරයන් නිදැල්ලේ හැසිරෙන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ  පෙන්වා දෙන්නේ එදිනෙදා ආදායමක් උපයාගෙන ජීවත් වූ අහිංසක ජනතාව ආර්ථික දුෂ්කරතා මැද වුවද නිවෙස්වලට වී සංචරණ සීමා රකිමින් සිටින බවත් යමක් කමක් ඇති බලවතුන් සංචරණ නීතිය නොතකමින් බලපුළුවන්කාරකම පෙන්වමින් මාර්ගවල ගමන් ගන්නා බවත්ය.

එම බලපුළුවන්කාරකම් පෙන්වන පුද්ගලයන් නිසා මෙරට කොරෝනා පාලනය බාධාවක් වී ඇතැයි පෙනෙන්ට ඇති බව ද ඔහු කියා සිටියේය.

නමුත් 60% ක තරම් පිරිසක් සංචරණ සීමා හා සෞඛ්‍ය මාර්ගෝප පිළිපදිමින් කටයුතු කරන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව එතරම් සුබ දායක නොවූවද පළමු පෙළ ආසාදිතයන් බොහෝ පිරිසක් සංචරණ සීමා වී ඇති නිසා ඉදිරි සති දෙක තුළ රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු මට්ටමින් අඩු වීමට ඉඩ ඇතැයිද ඔහු කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න