කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන ලකුණු: ගංවතුර තත්වයක් පිළිබද දැනුම්දීමක්!

කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන ලකුණු: ගංවතුර තත්වයක් පිළිබද දැනුම්දීමක්!

කැලණි ගංඟා ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පවතින ගංවතුර තත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කැලණි ගං ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24 මි.මී. 125කට අධික වැසි ඇඳ හැලීම හේතුවෙන් කැලණි ගංගාවේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව  වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල , සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව ඉදිරි පැය 24  පසුවන තුරුත් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව කැලණි ගංගාව අවට ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න