එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නෞකාවේ කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.
කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම් ලා තිබියදී පසුගිය දා MV X-Press Pearl නෞකාව ගිනි ගැනිමට ලක් විය.
නෞකාවේ කපිතාන්වරයාට, ප්‍රධාන ඉංජිනේරුවරයාට සහ අතිරේක ඉංජිනේරුවරයාට රටින් පිටවීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා පසුගිය ජුනි 01 වනදා නියෝගයක් ද නිකුත් කළේ ය.
අධිකරණය එම නියෝගය නිකුත් කළේ, නැවේ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මේ අතර නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට ද ඊට පෙර පියවර ගෙන තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
