ෆේල් ඇමතිලා ඉල්ලා අස්වෙන්න බලකිරීම රැල්ලක් වන ලකුණු පෙන්වයි.
ඒ රටේ පාසල් අධ්‍යාපන පද්ධතිය සහමුලින්ම කඩාවැටී ඇති බවත් ඒ සම්බන්ධව නිසි වගකීම් ඉටුකිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස නොහැකි නම් වෙනත් අයෙකුට අමාත්‍ය ධූරය පවරා ඉල්ලා අස්වෙන ලෙස නව ලංකා නිදහස් පක්ෂය අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් වෙතින් ඉල්ලා සිටීම හමුවේය.
නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් මේ බව ලිඛිතව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමුකර ඇති අතර ඊට අදාළ ලිපිය 2021 ජුනි 08 යොමුකර ඇත.
වසර 1 1/2 ක කාලයක් තිස්සේ පාසල් වසා තැබීම බරපතළ අපරාධයක් බවත් එය සමස්ථ සමාජයට වන්දි ගෙවීමට සිදුවන්නක් බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.
නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
