මෙරට එන්නත්කරණ කටයුතු සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150 ක ණය මුදලක් ලබා ගැනීමට රජය සැලසුම් කර තිබේ.
ඊට අදාළ ණය ගිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් විසින් අත්සන් තබා ඇත.
එන්නත්කරණය සඳහා වන පිරිවැය පියවා ගැනීම, එන්නත් ආශ්‍රිත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැපයීම සහ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ඇතුළු ඊට අනුබද්ධ ක්‍රියාකාරකම් සඳහා අදාළ ණය මුදල් යොදා ගැනීමට අපේක්ෂිතයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
