අල්ලස් නඩු 8කින් සරණ නිදහස් කරයි

අල්ලස් නඩු 8කින් සරණ නිදහස් කරයි

අල්ලස් කොමිසම විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ සරණ ගුණවර්ධනට එරෙහිව ගොනුකර තිබූ නඩු 08කින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුව නිදහස් කර තිබේ.

ඒ එම නඩු අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුව ගොනුකිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස් වරු තිදෙනාගේ ලිඛිත විධානය ඉදිරිපත් වී නොමැති හෙයින් එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් මතුවී තිබෙන බව දන්වා ඇත.

එහිදී සරණ ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් නිරෝෂන් සිරිවර්ධන අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ, එම නඩුව පවත්වාගෙන යාමට අපහසු නම් විත්තිකරු නිදහස් කරන ලෙසය.

ඒ අනුව අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 08කින් විත්තිකාර සරණ ගුණවර්ධන නිදහස් කරන ලෙස නියෝග කර තිබේ.

2007 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ දී රජයට පාඩු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව එම නඩුව ගොනු කර තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න