නිශ්ශංක සේනාපතිට යළිත් ඉස්සර බිස්නස් එක

නිශ්ශංක සේනාපතිට යළිත් ඉස්සර බිස්නස් එක

නිශ්ශංක සේනාපතිට යළිත් සුපුරුදු ව්‍යාපාරය හිමිව ඇති බව වාර්තා වෙයි.

ඒ සමුද්‍රාරක්ෂක මෙහෙයුම් සඳහා සේවා සැපැයීමේ ව්‍යාපෘතිය පෙර තිබූ පරිදි නගා සිටුවා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යෑම සඳහා රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ගාඩ් සමාගමට පවරා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇති බැවිනි.

ජනාධිපතිවරයා එම නියෝගය කර තිබෙන්නේ, සමුද්‍රාරක්ෂක මෙහෙයුම් කටයුතු අධ්‍යයනයන් සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින් පත්කර ගන්නා ලද කමිටු වාර්තාවේ නිර්දේශ මත බවද වාර්තා වේ.

සියලුම විදේශීය ගිනි අවි ගබඩා කිරීම, ආරක්ෂාව සැපයීම, අවි නිකුත් කිරීම, මුහුදට රැගෙන යාම, නැවත ගොඩබිමට රැගෙනවිත් ගබඩා කිරීම හා නියාමනය කිරීම මේ අනුව ඇවන්ගාඩ් වෙත පවරා ඇත.

මේ සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් සංදේශයක්ද ඉදිරිපත්කොට ඇති බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න