Language Switcher

Ad

Ad 01

V2025

ශ්‍රීලනිපය ප්‍රධාන පක්ෂයක් නෙවෙයි - සාගර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලනිපය යැයි සිතමින් වැරදි අර්ථකථන දෙන බවත් එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බව ඔවුන් මතක තබාගත යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඒ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

තම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කරුණු කාරණාවලට කිසියම් වූ අනුකූලතාවක් දැක්වීමට සන්ධානයේ අනිකුත් පක්ෂවලට සිදුවන බවද ඔහු අවධාරණය කර ඇත.

එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බයවී සිටීම හෝ යටත් වී සිටීමක් ලෙස නොදකින බවත් ඔහු පවසයි.