ඇමති සාකච්ඡා අසාර්ථකයි : ගුරු සටන අඛණ්ඩව ඉදිරියට !

ඇමති සාකච්ඡා අසාර්ථකයි : ගුරු සටන අඛණ්ඩව ඉදිරියට !

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් සමඟ පැවති සාකච්ඡා අසාර්ථකව අවසන්ව ඇති බව වාර්තා වෙයි.

අද (03) පැවති සාකච්ඡාවෙන් පසුව අදහස් දක්වමින් වෘත්තීය සමිති නායකයන් සඳහන් කර සිටියේ තම ගැටළුවලට විසඳුමක් සාකච්ඡාවෙන් නොලැබුණු බවයි.

එසේම විසඳුමක් නොලැබුණු බැවින් තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඔවුන් පවසයි.

ඒ අනුව දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන විරෝධතා රථ පෙළපාලියක් හරහා හෙට (04) කොළඹ නගරයේ කටයුතු අක්‍රීය කරන්නට කටයුතු කරන බවද ඔවුන් පැවසීය.

ලොකුගේ ගේ කතාව !

gamini මේ අතර අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසන්නේ, ගුරු විදුහල්පති වැටුප් ඉහළ දැමීම මේ මොහොතේ කළ නොහැකි බවත් රටේ පවතින මුදල් අර්බුදය අනුව එම තත්ත්වය ඇතිවී තිබෙන බවත්ය.

ඒ අනුව ඉදිරියේ දී ඉදිරි අයවැයේ දී ඒ පිළිබඳව සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති කැබිනට් හමුවෙන් අනතුරුව පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

ගුරු විදුහල්පති ඉල්ලීම ලබාදීමට රුපියල් බිලියන 56 ක මුදලක් අමතරව යන බවත් එතරම් මුදලක් මේ මොහොතේ වැය කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැති බවත් ඔහු එහිදී පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න