කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය සඳහා තවත් සුසානභූමිය තුනක් සූදානම් කරමින් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් සී නිව්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ ත්‍රිකුණාමලය පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල මෙම සුසාන භූමිය සූදානම් කරමින් පවතින බවය.
මේ අතර දැනට කොරෝනා මෘත දේහ භූමදානය කරන මඩකලපුව ඔට්ටමාවඩි සුසාන භූමියට අයත් තවත් අක්කර 2 ක භූමි ප්‍රදේශයක් යා කරමින් එය පසුගිය සතියේ දී තවත් පුළුල් කර ඇති බවත් පුවතේ සඳහන් වෙයි.
එම සුසාන භූමියේ මේ වන විට භූමදානය කර ඇති මෘත දේහ ප්‍රමාණය 2264කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
