ආණ්ඩුව ජාවාරමුන් සමඟ ලුම්පන් ධනවාදයකට - සජිත්

ආණ්ඩුව ජාවාරමුන් සමඟ ලුම්පන් ධනවාදයකට - සජිත්

මේ මොහොතේ රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට අත තියා ඇති බවත් ,ඒ හරහා ජාවාරම් කාරයින්ට තමන්ගේ කළු සල්ලි විශුද්ධිකරණය කරගැනීමට හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඊයේ (07) ඔහු මේ බව සඳහන් කර සිටි අතර කිසිවෙක් බදු නොගෙවා සඟවාගෙන සිටිනවා නම් රජය කළ යුත්තේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවත් ඊට ඕනෑ තරම් ප්‍රතිපාදන ඇති බවත් පැවසීය.

ඒ වෙනුවට ආණ්ඩුව සිදු කරන්නට උත්සාහ කරන්නේ 1% තරම් වූ සොච්චම් ප්‍රතිශතයකට, ජාවාරම්කාරයන්ට සහ සමහර ධන කුවේරයින්ට බදු සහන සලසා දීමට කටයුතු කිරීම යැයි ද පැවසීය.

ආණ්ඩුව මෙයින් උත්සාහ කරන්නේ ලුම්පන් ධනවාදයට රට තුළ ඉඩක් සලසා දෙමින් සමාජ සාධාරණත්වය උල්ලංඝනය කිරීමට බව පැවසූ විපක්ෂ නායකවරයා ,අසාධාරණ ලෙස ධනය උපයා ගෙන බදු මුදල් සඟවාගෙන සිටින ජාවාරම්කාරයන්ට මේ පනත හරහා රැකවරණය සැලසෙන බවද පැවසීය.

ආණ්ඩුවේ මෙම ක්‍රියා පිළිවෙතට සමගි ජන බලවේගයත් විපක්ෂයත් තරයේම විරුද්ධ වන බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න