Image

රටෙහි දැවෙන ආර්ථික ප්‍රශ්න සංස්කෘතික ප්‍රශ්න ලෙස පරිවර්තනය කරන්නේ අමු තක්කඩි - Ideas front වීඩියෝවක්

රටෙහි දැවෙන ආර්ථික ප්‍රශ්න සංස්කෘතික ප්‍රශ්න ලෙස පරිවර්තනය කරන්නේ අමු තක්කඩි - Ideas front වීඩියෝවක්

අප රටෙහි දැවෙන ආර්ථික ප්‍රශ්න සංස්කෘතික ප්‍රශ්න ලෙස පරිවර්තනය කරන ප්‍රධාන ම දේශපාලන බලවේග දෙක වන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතිකත්වය මත පදනම්ව දේශපාලනයෙහි නියැළෙන කන්ඪායම් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

ඒබඳු අදහස් සමාජගත කරමින් ජනතාව රවටන්නේ තක්කඩි බවත් මින් ඉදිරියට ඒබඳු තක්කඩියන් ගේ කතාවලට නොරැවටෙන ලෙසත් දීප්ති රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

අපි රටක් ලෙස දියුණුව කරා ගමන් කරන්නේ නම් අනුගමනය කළ යුත්තේ දකුණු ආසියාවේ ආර්ථික ක්‍රමවේදය යැයි  එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත 

රටෙහි දැවෙන ආර්ථික ප්‍රශ්න සංස්කෘතික ප්‍රශ්න ලෙස පරිවර්තනය කරන්නේ අමු තක්කඩි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න