භාණ්ඩ ආනයනය මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණයි : ආණ්ඩුව අස්සෙන්ම අනාවරණයක් !

භාණ්ඩ ආනයනය මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණයි : ආණ්ඩුව අස්සෙන්ම අනාවරණයක් !

දැන් සිදුවී ඇත්තේ භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී එහි මුළු වටිනාකම මුදල් ලෙස තැන්පත් කිරීමට කොදේසියක් පැනවීම පමණක් බවත් ඒ අනුව මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ විවිධ අන්තවාදී සංවිධානවලින් ආයෝජන සඳහා මුල්‍යය සහය ලැබෙන ව්‍යාපාරිකයන්ට කිසිදු ගැටළුවකින් තොරව ණයවර ලිපි නිකුත් කර සීමා කළා යැයි කියන භාන්ඩ ආනයනය කළ හැකි බවත් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

එහිදී වෙළෙඳ තරගය සීමා වන බැවින් මිල ඉහළ දැමීමටද හැකියාව ලැබෙන නමුත් ආණ්ඩුවට කිසිදු ආදායමක් නොලැබෙන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර අවධාරණය කරයි.

ආණ්ඩුවේ සහ විපක්ෂයේ පිරිස් දෙපසට බෙදී හිස් වාද විවාද සහ හිස් ප්‍රලාප දෙඩ වුවද ආණ්ඩුව විසින් කිසිදු භාන්ඩයක් ආනයනය කිරීම තහනම් කර නැති බව පවසන වෛද්‍ය වසන්ත බණ්ඩාර ආණ්ඩුවේ මෙම තීන්දුව මගින් පාරිභෝගිකයාට සහ රජයට පමණක් නොව සුළු ව්‍යාපාරිකයාටද බරපතල අවාසියක් සිදු වන බවත් පවසයි.

එසේම ඩොලර් ඉතිරි වීමක්ද සිදු නොවන බව පවසන වෛද්‍ය වසන්ත බණ්ඩාර වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ පණ්ඩිතයින්ට මොළේ කළඳක් ඇත්නම් කළ යුත්තේ ආනයන බදු ඉහළ දැමීම මගින් පරිභෝජනය සීමා කිරීමක් කළ යුතු බවයි. එවිට ආණ්ඩුවට බදු ආදායම ලැබෙන අතර ලොකු කුඩා සියළු ව්‍යාපාරිකයන්ට තරග කිරීමේ අවස්ථාවද ලැබෙන බව ඔහු පවසයි.

ජාතික සංවිධාන එකමුතුව පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අවස්ථාවේ වත්මන් ආණ්ඩු පාර්ශ්වය ජයග්‍රහණය කරවීමට සක්‍රියව මැදිහත් වූ පිරිසකගේ නියෝජනයකි. එසේම වෛද්‍ය වසන්ත බණ්ඩාර ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන විමල් වීරවංශගේ පළමු පෙළ ආධාරකරුවෙකු ලෙසත් ප්‍රකටය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න