යුරෝපයේ සතර දෙසින් විත් බොලොඤ්ඤා නගරයට : අගමැතිට ඉතිහාසගත විරෝධයක් !

යුරෝපයේ සතර දෙසින් විත් බොලොඤ්ඤා නගරයට : අගමැතිට ඉතිහාසගත විරෝධයක් !

උතුරු ඉතාලිය මෙන්ම දකුණු ඉතාලියේද සියලුම ප්‍රධාන නගර වල වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව 12 වන ඉරුදින ඉතාලියේ බොලොඤ්ඤා ( BOLOGNA ) නගරයට රොක්වූ අතර ඒ සියල්ලන් කළු ඇදුමින් සැරසී පැමිණීමම අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට ඇති සැබෑ විරෝධත්වයේ තීවෘ බව ලොවටම කියාපාන ප්‍රධාන සාධකයක් විය.

තවද ග්‍රීෂ්ම ඍතුවේ උච්චතම දේශගුණික තත්වයක් තුළදී දැඩි හිරු රශ්මිය මධ්‍යයේ කළු ඇඳුමින් සැරසී මේ ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටින්නේ දිනෙන් දින අතපසු වෙමින් පවතින කුරිරු පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් වහා රටට හෙළි කරන ලෙසයි.

එසේම චූදිතයන් අධිකරණය හමුවට ගෙනෙන ලෙසයි. තවදුරටත් කල් මරන්නේ නැතිව වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙසයි.

තවද ඉතාලියේ වෙසෙන සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකියන් පමණක් නොව ජර්මනිය , ප්‍රංශය, ස්විස්ටර්ලන්තයේ සිටද විශාල පිරිසක් සහභාගී වූ මේ සාධාරණ විරෝධතාව දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව ඒකරාශි වීම ඉතාම සුවිශේෂී තත්වයක් විය.

සතිදෙකෙන් මහමොළකරුවන් අල්ලනවා කියමින් බලයට ආ රාජපක්ෂලාට පාක්ෂිකයන්ගෙන්ම විරෝධය …….!

පාස්කු ප්‍රහාරයෙන් පසුව පාස්කු වින්දිතයන් මෙන්ම සිංහල බෞද්ධ ප්‍රජාව අතරත් ඇතිවූ දැඩි විරෝධය හා මුස්ලිම් ප්‍රජාව කෙරෙහි ඇතිවූ ජාතිවාදී හැඟීම් හා කළකිරීම් , ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ජාතික ආරක්ෂාව අනතුරේ යැයි කදිමට දේශපාලන වේදිකාවේ ජනප්‍රිය සටන් පාඨයක් කරගත් බව නොරහසකි.

බලය ලැබූ සැනින් සති දෙකක් වැනි කෙටි කලකින් සාධාරණය ඉෂ්ඨ කරන බවට සපත වූ රාජපක්ෂ ආණ්ඩුවේ කල්මැරීම කාටත් ගැටලුවක් වී ඇත.

ඒ සමග යුරෝපයේ වෙසෙන රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙන එන්නට කටයුතු කළ බොහෝ පිරිස් පවා අද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කරන්නැයි බලකරමින් දැවැන්ත සාමකාමී නිහඬ විරෝධතාවක් දක්වා උණුසුම් වනතරමටම ආණ්ඩුව කෙරෙහි දැඩි කළකිරීමක් හා විරෝධයක් නිර්මාණය වී හමාරය.

පවතින කොරෝනා සෞඛ්‍ය ආරක්ෂක නීති රීති වලට අනුගත වෙමින් අවමය සහභාගී විය හැක්කේ 40දෙනෙකු පමණක් යැයි තිබියදී 300 කට ආසන්න පිරිසක් එක්වන තරම් විශාල විරෝධයක් රාජපක්ෂ පාලනයට එරෙහිව නිර්මාණය වීම තුළ ජාත්‍යන්තරයේද දැඩි අවධානය මේ කෙරෙහි යොමු වීමට ප්‍රභල සාධකයක් වනු ඇත.

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

මිලානෝ

ඉතාලිය.

{gallery}itay-piket{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න