Language Switcher

V2025

හම්බන්තොට නගරාධිපතිට ඇප

ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුට පහරදී තුවාල කළැයි කියන සිද්ධියකට අදාළව ට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු  අද (19) පොලිස් ඇප මත මුදා හැරි බව බම්බලපිටිය පොලීසිය පවසයි.

මෙම සිද්ධියට අදාළව අද (19) පෙරවරුවේදී බම්බලපිටිය පොලිසියට බාර වූ එරාජ් ප්‍රනාන්දුට සමත මණ්ඩලයේ පෙනී සිටින ලෙස දන්වමින් පොලිස් ඇප මත මුදා හළ බව බම්බලපිටිය පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

මෙම වරද සමථ මණ්ඩලයක විසදිය විය යුතු එකක් බැවින් සමථමණ්ඩලයේ පෙනී සිටින ලෙසට දෙපාර්ශවය දැනුම් දුන් බවද එම නිලධාරියා පැවැසීය.

බම්බලපිටිය කොතලාවල ඇවනිව් හි පිහිටි ඉඩමකට කඩා වැදුණු හම්බන්තොට නගරාධිපතිවරයා එහි සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහර දී තිබුණේ ඉකුත් 15 වැනිදා ය.

එරාජ් ප්‍රනාන්දු පහර දී තුවාල ලද බව කියන ආරක්ෂක නිලධාරීයකු කොළඹ ජාතික රෝහලටට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා ගෙන ඉන් පිටව තිබිණ.

මෙම සිද්ධියට අදාළ ඉඩමට දෙපාර්ශවයක් අයිතිවාසිකම් කියන අතර මෙම ආරවුල සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය මින් ඉහතදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ 66 වගන්තිය ප්‍රකාරව නඩු පැවරීමක් ද සිදු කර ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් අදාළ පාර්ශ්වයන් දෙකම එම ඉඩමට වෙන් වෙන් වශයෙන් ආරක්ෂකයින් යොදවා ආරක්ෂාව ලබා දෙමින් තිබූ බවද පැවසේ .

එරාජ් ප්‍රනාන්දු  මින් ඉහත දී ද මෙම ඉඩමට අයුතු ලෙසින් අයුතු ලෙසින් ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට කරුණු වාර්තා වී තිබූ බවද බම්බලපිටිය පොලීසිය පවසයි.