බාර් අරින්න තීන්දු කිරීම ගැන අපිත් දන්නෙ නෑ - අමාත්‍ය නාමල්

බාර් අරින්න තීන්දු කිරීම ගැන අපිත් දන්නෙ නෑ - අමාත්‍ය  නාමල්

රටබීම හල් විවෘත කිරීම සඳහා ගෙනඇති තීන්දුව පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ  පවසයි.

කොවිඩ් මර්දන කමිටුව හෝ ආණ්ඩුව හෝ එවැනි තීරණයක් නොගත් බවයි ඇමතිවරයා පවසා ඇත.

තංගල්ලේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා  මේ බව සඳහන් කර ඇත.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හරහා වසංගතය යම් ප්‍රමාණයකට හෝ මර්දනය කර නැවත රට විවෘත කිරීමට සූදානම් වෙද්දී සෙනඟ පිරෙන්නේ බාර් ඉදිරිපිට නම් ඉන් එහාට රට ගමන් කරන්නේ කොතැනකටද යන්න පිළිබඳව දෙතුන් වරක් කල්පනා කළයුතු බවයි නාමල් රාජපක්ෂ  එහිදී සඳහන් ඇත.

අත්‍යවශ්‍ය අවශ්‍යතා පවා සම්පූර්ණ කරගත නොහැකි ආකාරයට ආර්ථික අපහසුතා තිබෙන බවට ජනතාව ප්‍රකාශ කළද සුරාසැල් විවෘත වූ පසුව එවැනි තත්ත්වයක් දක්නට නොලැබුණු බවත්, ඇඳිරි නීතිය තිබියදී පවා සුරාසැල් අසල ජනතාව රැස්කමින් සිටි බවත් ඇමතිවරයා සඳහන් කර ඇත.

ජනතාව සහ ආණ්ඩුව මීට වඩා අනාගතවාදී වැඩපිළිවෙලක් සමග කටයුතු නොකළහොත් ඉදිරියේදී තත්වය දරුණු විය හැකි බවද ඔහු ප්‍රකාශ කර ඇත.

LNW

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න