ආණ්ඩුවේ තීන්දුවක් අනුව මිල මිල පාලනය ඉවත් කිරීමට රජය කටයුතු කිරීමත් සමග තිරිඟු පිටි සහ සිමෙන්ති මිලත් ඉහළ දැමීමට අදාළ සමාගම් කටයුතු කර ඇත.
ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින් ඉහළ ගැනීමටත් සෙරන්ඩිබ් සමාගම තීරණය කර තිබේ.
මෙම මිල ඉහළ නැංවීම අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන බව ද ඔවුන් කියා සිටී.
තිරිඟු පිටි සඳහා පනවන ලද පාලන මිල රජය විසින් ඉවත් කිරීමත් සමගම සමාගම විසින් ද මිල සීමා නියම කරමින් සිටියි.
එමෙන්ම සිමෙන්ති සමාගම් විසින් කිලෝ 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 93කින් ඉහල දමා තිබේ.
ඒ අනුව සිමෙන්ති මිටියක නව මිල රුපියල් 1098 දක්වා ඉහල යයි.
කෙසේ වෙතත් රජයේ සඳහන් කරන්නේ අසාධාරණ ලෙස මිල ඉහළ නැංවුවහොත් රජය ඊට මැදිහත් වන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
