Language Switcher

V2025

සිමෙන්ති සහ තිරිඟු පිටි මිලත් සමාගම් විසින් නියම කරයි !

ආණ්ඩුවේ තීන්දුවක් අනුව මිල මිල පාලනය ඉවත් කිරීමට රජය කටයුතු කිරීමත් සමග තිරිඟු පිටි සහ සිමෙන්ති මිලත් ඉහළ දැමීමට අදාළ සමාගම් කටයුතු කර ඇත.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින් ඉහළ ගැනීමටත් සෙරන්ඩිබ් සමාගම තීරණය කර තිබේ.

මෙම මිල ඉහළ නැංවීම අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන බව ද ඔවුන් කියා සිටී.

තිරිඟු පිටි සඳහා පනවන ලද පාලන මිල රජය විසින් ඉවත් කිරීමත් සමගම සමාගම විසින් ද මිල සීමා නියම කරමින් සිටියි.

එමෙන්ම සිමෙන්ති සමාගම් විසින් කිලෝ 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 93කින් ඉහල දමා තිබේ.

ඒ අනුව සිමෙන්ති මිටියක නව මිල රුපියල් 1098 දක්වා ඉහල යයි.

කෙසේ වෙතත් රජයේ සඳහන් කරන්නේ අසාධාරණ ලෙස මිල ඉහළ නැංවුවහොත් රජය ඊට මැදිහත් වන බවයි.