කොරෝනා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් : ඒත් ගජමිතුරන් නිසා අවධානමක් !

කොරෝනා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් : ඒත් ගජමිතුරන් නිසා අවධානමක් !

තවත් කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ (10) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (11) නිකුත්කර ඇත.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13354 දක්වා ඉහළ= යයි.

මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරම්භ කරන ලද නව PCR රසායනාගාරයේ වැඩ කටයුතු අඩාළ කිරීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර සිටියි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් එහිදී පවසා සිටියේ මහජනතාව හෝටල මාෆියාවට යට කිරීමේ වුවමනාවෙන් සිදුකරන ලද්දක් යැයි තම සංගමය සැකකරන බවයි.

ගුවන් තොටුපොළේදී සිදුකරන PCR පරීක්ෂණ නවතා දමා බලෙන් වසන්තයක් උදාකරන්න ගොස් කොරෝනා අලුත් රැල්ලක් සාදා ගැනීමේ ලකුණු පෙනෙන්නට ඇතැයිද ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මෙසේද පවසයි.

''PCR පරීක්ෂණ නවත්තලා, බලෙන් වසන්තය කැන්දන්න ගිහින් අපි ලබන ජනවාරියේ විතර අලුත් රැල්ලක් ගෙන්නා ගන්න හදන පාටක් තියෙන්නේ

ගුවන්තොටුපල ON Arrival PCR එක අත්‍යවශ්‍යයි කියමින් හෝටල් නිරෝධායනයට උඩගෙඩි දෙමින් මාර්ගෝපදේශ හදපු සෞඛ්‍ය අමාත්‍යාංශය, හෝටල් මාෆියාවට තිත තියපු ගමන්, ON Arrival PCR අවශ්‍යම නැහැ කියලා මාර්ගෝපදේශ හදපු එක සැක සහිතයි."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න