රාජා කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් දොට්ට !

රාජා කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් දොට්ට !

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ වහාම ක්‍රියාත්මක වන පරිදි කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත්කර ඇත.

ඊට අදාළ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි දැක්වෙන්නේ අද (24) රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙකී තීන්දුව ගනුලැබූ බවය.

කොමියුනිස්ට් පක්ෂය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

FB IMG 1635066159041

ගුරු විදුහල්පති වෘත්තීය අරගලය සම්බන්ධයෙන් තර්ජනාත්මක ප්‍රකාශයක් පසුගියදා රාජා කොල්ලුරේ විසින් සිදුකරනු ලැබිණ.

ඒ 20, 21 රාජකාරිය සඳහා නොඑන ගුරු විදුහල්පතිවරුන් ගේ වැටුප් කපන බව ඇතුළු ප්‍රකාශ සිදුකරමිනි.

ඔහු ආණ්ඩුකාර ලෙස ඒ ප්‍රකාශ කළේ කොමියුනිස්ට් පක්ෂය ගුරු විදුහල්පති වෘත්තීය අරගලය සාධාරණ බව පිළිගෙන පවා තිබුන පරිසරයකය.

දේශපාලන විචාරකයන් පවසන්නේ රාජා කොල්ලුරේ ගේද කොමියුනිස්ට් වාමාංශික හැවත් මෙසේ ගැලවී වෙන්වී යාම වැදගත් බවය. එය කොමියුනිස්ට් පක්ෂය ගනුලැබූ වැදගත් තීන්දුවක් බවත් විචාරක මතය වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න