රු 10,000ක වැටුප් වැඩිකිරීමක් අවශ්‍යයි -ලාල්කාන්ත

රු 10,000ක වැටුප් වැඩිකිරීමක් අවශ්‍යයි -ලාල්කාන්ත

එළඹෙන අයවැයේ දී රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත  පවසයි.

එම මධ්‍යස්ථානය ඊයේ (28) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු කේ.ඩී ලාල්කාන්ත,

"අපිට ආණ්ඩුවට කියන්න අවශ්‍යයි ඉදිරියේ දී එන අයවැයේ දී අපිට රු 10,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. හරි නිශ්චිතයි කාරණය. රාජ්‍ය අංශයට, පෞද්ගලික අංශයටත් වතු ක්ෂේත්‍රයේ වැඩකරන ජනතාවට මේ රු 10,000 වැටුප් වැඩිවීම අත්‍යවශ්‍යයි. ඒ වගේම දැනට වැඩ නොකරන එහෙත් විශ්‍රාමයෙන් තමන්ගේ ජීවිත ගැට ගසා ගන්න විශ්‍රාමිකයින්ටත් මේ වැටුප් වැඩිවීම අත්‍යාවශ්‍යයි. මෙතැනින් ඉදිරියට අයවැය දක්වා ම අපිට රු10,000ලැබෙනවා කියලා සහතින වෙනකල් ම අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් රටපුරා ම ගෙනියන්න තීරණය කරලා තියෙනවා. හොරකම් කරලා තියෙන ඒවා ගෙනල්ලා හරි, තමන් විවිධ ක්‍රමවලට එකතු කර ගත්ත ධනය දේපළ ඒවා රජයට පවරාගෙන හරි ඉතිරි අවුරුදු 2,3,4 බලයේ ඉන්න ඕනේ නම් පාලකයන්ට අනිවාර්යයෙන් සිදුවෙනවා මේ ඉල්ලීම් ඉටුකරන්න."

එම මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු, වසන්ත සමරසිංහ  පවසා සිටියේ, පසුගිය කාලයේ භාණ්ඩවල මිල වැඩිකිරීම් තවමත් රජයේ සංඛ්‍යා ලේඛනවල නොමැති බවය.

"ඔක්තෝබර් මාසයේ බඩු මිල වැඩිවුණ ඒවා එන්නේ නොවැම්බර් මාසයේ. මේ වෙන විට ආණ්ඩුව ගණන් හදලා තියෙන ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන 2021 සැප්තැම්බර් මාසය වෙනවිට 4 දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත්වීමට යන වියදම රු 65,047ක් වෙනවා. දැන් රු 65,000ක් 4 දෙනෙකුට ජීවත්වෙන්න යනවා කියන ආණ්ඩුවේ ම සංඛ්‍යා ලේඛන අනුව අපි කොහොමද ජීවත් වෙන්නේ රු 16,000ක පඩියක් අරන්. අද රාජ්‍ය අංශ සේවකයා කොහොමද රු 31,000ක පඩියක් අරන් ජීවත් වෙන්නේ. ඒ නිසා අද බරපතළ ප්‍රශ්නයක් තියෙනවා වැටුප්වල මේ වැඩිවීම අනුව නම් පඩිය ඩබල් වෙන්න ඕනේ. නැතුව කොහොම ද ජීවත් වෙන්නේ."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න